Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #56 Translated in Sinhalese

فَلَا تُطِعِ الْكَافِرِينَ وَجَاهِدْهُمْ بِهِ جِهَادًا كَبِيرًا
එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නුඹ අවනත නොවනු. තවද නුඹ ඔවුන් සමග එමගින් දැඩි පරිශ්රමයකින් යුතුව උත්සාහ කරනු.
وَهُوَ الَّذِي مَرَجَ الْبَحْرَيْنِ هَٰذَا عَذْبٌ فُرَاتٌ وَهَٰذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا وَحِجْرًا مَحْجُورًا
තවද මෙය ඉමිහිරි මිරිදියයි. එය ලුණු රසැති කරදියයි යනුවෙන් මුහුදු දෙක අතර වෙන් කළේ ඔහුය. තවද ඒ දෙක අතර බාධකයක් හා තහනම් කරනු ලැබූ තහනම් සීමාවක් ඔහු ඇති කළේය.
وَهُوَ الَّذِي خَلَقَ مِنَ الْمَاءِ بَشَرًا فَجَعَلَهُ نَسَبًا وَصِهْرًا ۗ وَكَانَ رَبُّكَ قَدِيرًا
තවද ජලයෙන් මිනිසා මැව්වේ ඔහුය. පසු ව ඔහු ඔහුට පරම්පරානුගත නෑකම් ද විවාහ නෑකම් ද ඇති කළේය. තවද නුඹගේ පරමාධිපති සර්ව බලධාරීය.
وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُهُمْ وَلَا يَضُرُّهُمْ ۗ وَكَانَ الْكَافِرُ عَلَىٰ رَبِّهِ ظَهِيرًا
තවද ඔවුහු අල්ලාහ් හැර දමා තමන්හට ප්‍රයෝජනයක් ලබා නොදෙන එමෙන්ම තමන්හට හානියක් සිදු නොකරන දෑට නැමදුම් කරති. තවද දේවතත්වය ප්‍රතික්ෂේප කරන්නා ඔහුගේ පරමාධිපතිට එරෙහි ව උර දෙන්නකු විය.
وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا
තවද ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි නුඹ ව නොඑව්වෙමු.

Choose other languages: