Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #59 Translated in Sinhalese

وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُهُمْ وَلَا يَضُرُّهُمْ ۗ وَكَانَ الْكَافِرُ عَلَىٰ رَبِّهِ ظَهِيرًا
තවද ඔවුහු අල්ලාහ් හැර දමා තමන්හට ප්‍රයෝජනයක් ලබා නොදෙන එමෙන්ම තමන්හට හානියක් සිදු නොකරන දෑට නැමදුම් කරති. තවද දේවතත්වය ප්‍රතික්ෂේප කරන්නා ඔහුගේ පරමාධිපතිට එරෙහි ව උර දෙන්නකු විය.
وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا
තවද ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි නුඹ ව නොඑව්වෙමු.
قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَنْ شَاءَ أَنْ يَتَّخِذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا
කවරෙකු අභිමත කරන්නේ ද ඔහු තම පරමාධිපති වෙත වූ මගක් සොයා ගන්නට මිස (වෙනත්) කිසිදු කුලියක් මම ඒ සඳහා නුඹලාගෙන් නොඉල්ලමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَتَوَكَّلْ عَلَى الْحَيِّ الَّذِي لَا يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِ ۚ وَكَفَىٰ بِهِ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًا
තවද අමරණීය වූ සදා ජීවමානයාණන් වෙත නුඹ භාර කරනු. තවද ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු. තම ගැත්තතන්ගේ පාපකම් පිළිබඳ තොරතුරු දන්නා වශයෙන් ඔහු ප්‍රමාණවත්ය.
الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۚ الرَّحْمَٰنُ فَاسْأَلْ بِهِ خَبِيرًا
ඔහු වනාහි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේය. පසු ව මහාකරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය. එහෙයින් ඔහු පිළිබඳ ව අභිඥානවත් අයෙකුගෙන් විමසනු.

Choose other languages: