Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #49 Translated in Sinhalese

أَلَمْ تَرَ إِلَىٰ رَبِّكَ كَيْفَ مَدَّ الظِّلَّ وَلَوْ شَاءَ لَجَعَلَهُ سَاكِنًا ثُمَّ جَعَلْنَا الشَّمْسَ عَلَيْهِ دَلِيلًا
නුඹගේ පරමාධිපති දෙස ඔහු හෙවණැල්ල කෙසේ දිගු හැරියේ දැයි නුඹ නොබැලුවෙහි ද? තවද ඔහු අභිමත කළේ නම් එය එක්තැන් වූවක් බවට ඔහු පත් කරන්නට තිබුණි. පසු ව අපි ඒ වෙත සාධකයක් බවට හිරු පත් කළෙමු.
ثُمَّ قَبَضْنَاهُ إِلَيْنَا قَبْضًا يَسِيرًا
පසු ව අපි එය (හෙවණැල්ල) හීන් සීරුවෙන් අප වෙත අත්පත් කර ගන්නෙමු.
وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِبَاسًا وَالنَّوْمَ سُبَاتًا وَجَعَلَ النَّهَارَ نُشُورًا
තවද රාත්‍රිය වස්ත්රයක් බවටත් නින්ද විවේකයක් බවටත් නුඹලාට ඇති කළේ ඔහුය. තවද දහවල ජීවනෝපාය සඳහා ඇති කළේද ඔහුය.
وَهُوَ الَّذِي أَرْسَلَ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۚ وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً طَهُورًا
තවද ඔහුගේ ආශිර්වාදය අතරින් සුළඟ ශුභාසිරි වශයෙන් එව්වේ ඔහුය. තවද අපි අහසින් පිරිසිදු ජලය පහළ කළෙමු.
لِنُحْيِيَ بِهِ بَلْدَةً مَيْتًا وَنُسْقِيَهُ مِمَّا خَلَقْنَا أَنْعَامًا وَأَنَاسِيَّ كَثِيرًا
එමගින් අප මළ භූමියක් ජීවමාන කරනු පිණිසත්. අප මැවූ දෑ අතරින් ගොවිපළ සතුන් හා බොහෝමයක් මිනිසුනට අප ජලය සපයනු පිණිසත්ය.

Choose other languages: