Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #277 Translated in Sinhalese

لِلْفُقَرَاءِ الَّذِينَ أُحْصِرُوا فِي سَبِيلِ اللَّهِ لَا يَسْتَطِيعُونَ ضَرْبًا فِي الْأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاءَ مِنَ التَّعَفُّفِ تَعْرِفُهُمْ بِسِيمَاهُمْ لَا يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا ۗ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ
(නුඹලාගේ දානයන් සුදුසු වනුයේ) මහපොළොවේ (ජීවනෝපාය සොයා) ගමන් කිරීමට නොහැකි; අල්ලාහ්ගේ මාර්ගයේ කොටු කරනු ලැබූ දිළින්ඳන්ටය. තැන්පත්භාවය හේතුවෙන් ඔවුන් ධනවතුන් යැයි අවබෝධයක් නොමැත්තා ඔවුන් ගැන සිතයි. ඔවුන්ගේ සලකුණු මගින් නුඹ ඔවුන් ව හඳුනා ගනු ඇත. ඔවුහු යාචනය කරමින් ජනයාගෙන් (කිසිවක්) නොඉල්ලති. තවද නුඹලා වියදම් කරන යම් යහපතක් වුව ද සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳ ව සර්වඥානීය.
الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
රාත්‍රියෙහි හා දහවලෙහි තම ධන සම්පත රහසිගත ව හා එළිපිට වියදම් කරන්නන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. තවද ඔවුන්ට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් වන්නෝද නොවෙති.
الَّذِينَ يَأْكُلُونَ الرِّبَا لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطَانُ مِنَ الْمَسِّ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا إِنَّمَا الْبَيْعُ مِثْلُ الرِّبَا ۗ وَأَحَلَّ اللَّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا ۚ فَمَنْ جَاءَهُ مَوْعِظَةٌ مِنْ رَبِّهِ فَانْتَهَىٰ فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللَّهِ ۖ وَمَنْ عَادَ فَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
පොලිය අනුභව කරන්නවුන් ෂෙයිතාන් ස්පර්ශ කිරීමෙන් ඔහුගේ ප්‍රහාරයට ලක් වූ කෙනෙකු මෙන් මිස (අවසන් දින) නො නැගිටින්නෝය. එය සැබැවින්ම ඔවුහු ඇත්ත වශයෙන්ම ව්‍යාපාරය ද පොලිය මෙනි යැයි පවසා සිටි හේතුවෙනි. අල්ලාහ් ව්‍යාපාරය අනුමත කළ අතර පොලිය තහනම් කළේය. කවරෙකුට තම පරමාධිපතිගෙන් (ඒ ගැන) උපදෙසක් පැමිණ එයින් වැළකුණේ ද එවිට පසු ගිය දෑ ඔහු සතුය. ඔහුගේ විෂය අල්ලාහ් වෙතමය. කවරෙකු නැවත (එම පොලිය වෙත) යොමු වූයේ ද එවිට ඔවුහු නිරයේ සගයෝ වෙති. ඔවුහු එහි සදාතනිකයෝය.
يَمْحَقُ اللَّهُ الرِّبَا وَيُرْبِي الصَّدَقَاتِ ۗ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ
අල්ලාහ් පොලිය විනාශ කරන්නේය. සදකා (පුණ්‍ය ක්‍රියා) වන් වර්ධනය කරන්නේය. පාපිෂ්ඨ දේව ප්‍රතික්පේපිත සෑම කෙනෙකුවම අල්ලාහ් ප්‍රිය නොකරන්නේය.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් ද සලාතය ස්ථාපිත කළවුන් ද zසකාත් පිරිනැමූවන් ද වනාහි ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. ඔවුනට කිසිදු බියක් නොමැත. ඔවුහු දුකට පත්වන්නෝ ද නොවෙති.

Choose other languages: