Surah Al-Baqara Ayahs #261 Translated in Sinhalese
اللَّهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۖ وَالَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ إِلَى الظُّلُمَاتِ ۗ أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය කරා බැහැර කරන්නේය. තව ද ප්‍රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන්ගේ භාරකරුවන් නපුරු බලවේගයන් ය. ඔවුහු ඔවුන් ව ආලෝකයෙන් අන්ධකාරයන් කරා බැහැර කරන්නෝය. ඔවුහු නිරයේ සගයෝ ය. ඔවුහු එහි සදාතනිකයෝය.
أَلَمْ تَرَ إِلَى الَّذِي حَاجَّ إِبْرَاهِيمَ فِي رَبِّهِ أَنْ آتَاهُ اللَّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِي وَأُمِيتُ ۖ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللَّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
ඉබ්‍රාහීම් සමඟ ඔහුගේ පරමාධිපති විෂයෙහි අල්ලාහ් ඔහුට රාජ්‍ය පාලනය පිරිනමා තිබූ හේතුවෙන් තර්ක කළ අය දෙස නුඹ නොබැලුවෙහි ද? මාගේ පරමාධිපති ප්‍රාණය ලබා දෙන්නා ය. මරණයට පත් කරන්නා ය යැයි පැවසූ අවස්ථාවේ ඔහු මම ද ජීවය දෙමි. මරණයට ද පත් කරමි යැයි පැවසුවේය. එසේනම් සැබැවින් ම අල්ලාහ් හිරු නැගෙනහිරෙන් ගෙන එන්නේය. එබැවින් (නුඹට හැකි නම්) එය බටහිරෙන් ගෙන එනු යැයි ඉබ්‍රාහීම් පැවසුවේය. එවිට ප්‍රතික්ෂේප කළ ඔහු තිගැස්සී ගියේය. අපරාධ කරන ජනයාට අල්ලාහ් මඟ පෙන්වන්නේ නැත.
أَوْ كَالَّذِي مَرَّ عَلَىٰ قَرْيَةٍ وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحْيِي هَٰذِهِ اللَّهُ بَعْدَ مَوْتِهَا ۖ فَأَمَاتَهُ اللَّهُ مِائَةَ عَامٍ ثُمَّ بَعَثَهُ ۖ قَالَ كَمْ لَبِثْتَ ۖ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۖ قَالَ بَلْ لَبِثْتَ مِائَةَ عَامٍ فَانْظُرْ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ ۖ وَانْظُرْ إِلَىٰ حِمَارِكَ وَلِنَجْعَلَكَ آيَةً لِلنَّاسِ ۖ وَانْظُرْ إِلَى الْعِظَامِ كَيْفَ نُنْشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا ۚ فَلَمَّا تَبَيَّنَ لَهُ قَالَ أَعْلَمُ أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
එසේ නොමැති නම් එහි වහල වල් මත කඩා වැටී තිබූ ගමක් මතින් ගමන් ගත් අයෙකු මෙනි. (ඔහු ගැන ද නුඹ නොබැලුවෙහි ද?) ඔහු මෙය මිය ගිය පසු මෙයට ප්‍රාණය දෙන්නේ කෙසේ දැයි විමසුවේය. එවිට අල්ලාහ් වසර සියයක් ඔහු ව මරණයට පත් කරවා පසු ව ඔහු ව අවදි කොට නුඹ කොපමණ කලක් රැඳී සිටියෙහි දැයි විමසුවේය. දිනක් හෝ දිනක කොටසක් මම රැඳී සිටියෙමි යැයි ඔහු පැවසුවේය. නැත නුඹ වසර සියයක් රැඳී සිටියෙහිය. දැන් නුඹ නුඹේ ආහාරය හා නුඹේ පානය දෙස බලනු. එය නරක් වී නැත. තව ද නුඹේ බූරුවා දෙස බලනු. (මෙය) ජනයාට නුඹ ව සලකුණක් වශයෙන් අප පත් කරනු පිණිස ය. තව ද අප එම අස්ථි එක් රැස් කොට පසුව එය මසින් අන්දවනුයේ කෙසේ දැයි බලනු. ඔහුට පැහැදිලි වූ කල්හි සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා යැයි මම දැන ගත්තෙමි යැයි ඔහු පැවසුවේය.
وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِي الْمَوْتَىٰ ۖ قَالَ أَوَلَمْ تُؤْمِنْ ۖ قَالَ بَلَىٰ وَلَٰكِنْ لِيَطْمَئِنَّ قَلْبِي ۖ قَالَ فَخُذْ أَرْبَعَةً مِنَ الطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ اجْعَلْ عَلَىٰ كُلِّ جَبَلٍ مِنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا ۚ وَاعْلَمْ أَنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
තවද මාගේ පරමාධිපතියාණෙනි, මියගියවුන්ට නුඹ ජීවය දෙන්නේ කෙසේ දැයි මට පෙන්වනු යැයි ඉබ්‍රාහීම් පැවසූ විට, නුඹ විශ්වාස නොකළෙහි දැ යි ඔහු විමසුවේය. එසේය (මම විශ්වාස කළෙමි) එනමුත් මාගේ හදවත සන්සුන් වනු පිණිස යැයි ඔහු පැවසුවේය. එසේ නම් පක්ෂීන් සිව් දෙනෙකු ගෙන, උන් කැබලි කර ඔබ වෙත තබා ගනු. පසු ව ඒවායින් කොටසක් (බැගින්) සෑම කන්දක් මත ම තබනු. පසු ව නුඹ උන් කැඳවනු. ඒවා නුඹ වෙත කඩිනමින් පැමිණෙනු ඇත. තව ද සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත බව දැන ගනු.
مَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ ۗ وَاللَّهُ يُضَاعِفُ لِمَنْ يَشَاءُ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන්ට උපමාව බීජයක උපමාව මෙනි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලක ම ධාන්‍ය සියයක් තිබේ. තව ද අල්ලාහ් තමන් අභිමත කරන අයට ගුණ කරයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය, සර්ව ඥානී ය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
