Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #210 Translated in Sinhalese

وَإِذَا قِيلَ لَهُ اتَّقِ اللَّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالْإِثْمِ ۚ فَحَسْبُهُ جَهَنَّمُ ۚ وَلَبِئْسَ الْمِهَادُ
නුඹ අල්ලාහ්ට බැතිමත් වනු යැයි ඔහුට පවසනු ලැබූ විට පාපී ලෙස ගර්වය ඔහු ව ග්‍රහණය කළේය. එබැවින් නිරය ඔහුට ප්‍රමාණවත්ය. තවද (අවසානයේ ලගින) යහන නපුරු විය.
وَمِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ ۗ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් තම ආත්මය මිල කරන්නන් ද මිනිසුන් අතුරින් වෙති. තවද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්තය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَافَّةً وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
අහෝ විශ්වාස කළවුනි!, නුඹලා සාමය (නම් ඉස්ලාමය) තුළට මුළුමණින්ම පිවිසෙනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. සැබැවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
فَإِنْ زَلَلْتُمْ مِنْ بَعْدِ مَا جَاءَتْكُمُ الْبَيِّنَاتُ فَاعْلَمُوا أَنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
නුඹලාට පැහැදිලි සාධක පැමිණි පසු නුඹලා (ඉන් මිදී) ලිස්සී යන්නෙහු නම් එවිට සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරී හා සර්ව ප්‍රඥාවන්ත බව නුඹලා දැන ගනු.
هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ يَأْتِيَهُمُ اللَّهُ فِي ظُلَلٍ مِنَ الْغَمَامِ وَالْمَلَائِكَةُ وَقُضِيَ الْأَمْرُ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ
වලාකුළු හෙවණැලි අතුරින් අල්ලාහ් ද මලක්වරුන් ද ඔවුන් වෙත පැමිණ කටයුත්ත තීන්දු කරනු ලැබීම ඔවුහු අපේක්ෂා කරන්නෝ ද? තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.

Choose other languages: