Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #113 Translated in Sinhalese

وَدَّ كَثِيرٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ إِيمَانِكُمْ كُفَّارًا حَسَدًا مِنْ عِنْدِ أَنْفُسِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ ۖ فَاعْفُوا وَاصْفَحُوا حَتَّىٰ يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ ۗ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
පුස්තක ලත් ජනයින් අතුරින් බොහෝ දෙනා තමන් ට සත්‍යය පැහැදිලි වූවායින් පසුව ද තමන් තුළ ඇති ඊර්ෂ්‍යාව හේතුවෙන් නුඹලා ගේ විශ්වාසයෙන් පසු ව ඔවුහු නුඹලා ව ප්‍රතික්ෂේපකයින් බව ට නැවත පත් කරන්න ට හැකි නම් යැයි ආශා කරති. එබැවින් අල්ලාහ් තම නියෝගය ගෙන එන තෙක් (ඔවුන ට) සමාව දී අත හැර දමනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බල සම්පන්න ය.
وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ۚ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ ۗ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
තව ද නුඹලා සලාත ය ස්ථාපිත කරනු. සකාතය ද දෙනු. නුඹලා වෙනුවෙන් නුඹලා යම් යහපතක් ඉදිරිපත් කර ඇත්නම් අල්ලාහ් අබියස එය නුඹලා දැක ගනු ඇත. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකයා ය.
وَقَالُوا لَنْ يَدْخُلَ الْجَنَّةَ إِلَّا مَنْ كَانَ هُودًا أَوْ نَصَارَىٰ ۗ تِلْكَ أَمَانِيُّهُمْ ۗ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ
යුදෙව්වෙකු ව හෝ කිතුනුවෙකු ව හෝ සිටි අය මිස වෙන කිසිවෙකු ස්වර්ග උයන ට පිවිසෙන්නේ නැතැ යි ඔවුහු පැවසූහ. එය ඔවුන් ගේ මනඃකල්පිතය යි. (නබිවරය) නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් නුඹලා ගේ සාධක ගෙන එන්නැ යි පවසනු.
بَلَىٰ مَنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِنْدَ رَبِّهِ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
එසේ නොව කවරෙක් දැහැමියෙකු ව සිට තම මුහුණ (මුළුමනින් ම) අල්ලාහ් ට අවනත කළේ ද එවිට ඔහු ට ඔහු ගේ ප්‍රතිඵල ඔහු ගේ පරමාධිපති අබියස හිමි වනු ඇත. ඔවුන ට කිසිදු බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත.
وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَىٰ عَلَىٰ شَيْءٍ وَقَالَتِ النَّصَارَىٰ لَيْسَتِ الْيَهُودُ عَلَىٰ شَيْءٍ وَهُمْ يَتْلُونَ الْكِتَابَ ۗ كَذَٰلِكَ قَالَ الَّذِينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ ۚ فَاللَّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
කිතුනුවන් කිසිදු පදනමක් මත නොමැති බව යුදෙව්වෝ පවසති. යුදෙව්වන් කිසිදු පදනමක් මත නොමැති බව කිතුනුවෝ ද පවසති. ඔවුන් දේව ග්‍රන්ථ ය කියවමින් සිටිය දී. ඔවුන් ගේ ප්‍රකාශ මෙන් ම අවබෝධයක් නොමැත්තෝ ද මෙලෙස පවසති. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙ හි ඔවුන් කවර දෙයක් පිළිබඳ මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එම විෂයය සම්බන්ධයෙන් ඔවුන් අතර අල්ලාහ් තීන්දු කරනු ඇත.

Choose other languages: