Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #206 Translated in Sinhalese

وَإِذَا لَمْ تَأْتِهِمْ بِآيَةٍ قَالُوا لَوْلَا اجْتَبَيْتَهَا ۚ قُلْ إِنَّمَا أَتَّبِعُ مَا يُوحَىٰ إِلَيَّ مِنْ رَبِّي ۚ هَٰذَا بَصَائِرُ مِنْ رَبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ لِقَوْمٍ يُؤْمِنُونَ
තවද (නබිවරය,) නුඹ ඔවුන් වෙත සාධකයක් නොගෙනා විට දී ‘නුඹ එය ගෙන ආ යුතු නොවේදැයි? ඔවුහු විමසුවෝය. මා පිළිපදිනුයේ මාගේ පරමාධිපතිගෙන් මා වෙත දන්වනු ලබන දෑ පමණය. මෙය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක වෙති. තවද දේවත්වය විශ්වාස කරන ජනයා සඳහා වන මඟපෙන්වීමක් හා දයාවකි යැයි නුඹ පවසනු.
وَإِذَا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَأَنْصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ
අල්-කුර්ආනය පාරායනය කරනු ලබන විට නුඹලා එයට සවන් දෙනු. තවද නුඹලා නිහඬ ව සිටිනු. (එමඟින්) නුඹලා දයාව දක්වනු ලැබිය හැක.
وَاذْكُرْ رَبَّكَ فِي نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْآصَالِ وَلَا تَكُنْ مِنَ الْغَافِلِينَ
තවද උදේ හා සවස යටහත් පහත්ව හා බියෙන් යුතුව, උස් හඬින් තොර ප්‍රකාශයන් තුළින් නුඹ තුළම නුඹගේ පරමාධිපති ව නුඹ සිහිපත් කරනු. තවද නුඹ අනවධානීන් අතරින් නොවනු.
إِنَّ الَّذِينَ عِنْدَ رَبِّكَ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَيُسَبِّحُونَهُ وَلَهُ يَسْجُدُونَ ۩
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අබියස සිටින්නවුන් වනාහි ඔවුහු ඔහුට ගැතිකම් කිරීමට උඩඟු නොවෙති. තවද ඔවුහු ඔහුව පිවිතුරු කරති. තවද නළල බිම තමා ඔහුට නැමදුම් කරති.

Choose other languages: