Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #149 Translated in Sinhalese

وَكَتَبْنَا لَهُ فِي الْأَلْوَاحِ مِنْ كُلِّ شَيْءٍ مَوْعِظَةً وَتَفْصِيلًا لِكُلِّ شَيْءٍ فَخُذْهَا بِقُوَّةٍ وَأْمُرْ قَوْمَكَ يَأْخُذُوا بِأَحْسَنِهَا ۚ سَأُرِيكُمْ دَارَ الْفَاسِقِينَ
තවද ඔහු වෙනුවෙන් පුවරු වල සෑම දෙයක්ම ලිව්වෙමු. එය උපදෙසක් හා සෑම දෙයක්ම විග්‍රහ කරන්නක් විය. එබැවින් එය බලවත් ලෙස ග්‍රහණය කර ගනු. එමෙන්ම එහි අලංකාර දෑ ග්‍රහණය කර ගන්නා මෙන් නුඹේ ජනයාට ද නුඹ නියෝග කරනු. පාපතරයින්ගේ නිවහන මම නුඹලාට පෙන්වමි.
سَأَصْرِفُ عَنْ آيَاتِيَ الَّذِينَ يَتَكَبَّرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَإِنْ يَرَوْا كُلَّ آيَةٍ لَا يُؤْمِنُوا بِهَا وَإِنْ يَرَوْا سَبِيلَ الرُّشْدِ لَا يَتَّخِذُوهُ سَبِيلًا وَإِنْ يَرَوْا سَبِيلَ الْغَيِّ يَتَّخِذُوهُ سَبِيلًا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَذَّبُوا بِآيَاتِنَا وَكَانُوا عَنْهَا غَافِلِينَ
යුක්තියෙන් තොරව මහපොළොවේ උඩඟුකම් පාන්නන් ව මාගේ සංඥාවන්ගෙන් මම වෙනතකට හරවමි. තවද ඔවුන් සියඵ සංඥාවන් දුටුව ද එය ඔවුහු විශ්වාස නොකරති. තවද ඔවුන් ඍජු මාර්ගය දකින්නේ නම් එය ඔවුහු (ඍජු) මඟක් ලෙස නොගනිති. තවද සීමාව ඉක්ම වූ මාර්ගයක් දකින්නේ නම් එය මඟක් ලෙස ගනිති. එය ඔවුන් අපගේ සංඥාවන් බොරු කළ බැවින් හා ඒ පිළිබඳ ව ඔවුන් අනවධානීන්ව සිටි බැවිනි.
وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَلِقَاءِ الْآخِرَةِ حَبِطَتْ أَعْمَالُهُمْ ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ
තවද අපගේ සංඥාවන් හා මතු ලොව හමු ව බොරු කළවුන් වන ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. ඔවුන් කරමින් සිටි දෑට මිස ඔවුනට ප්‍රතිඵල දෙනු ලබනු ඇත් ද?
وَاتَّخَذَ قَوْمُ مُوسَىٰ مِنْ بَعْدِهِ مِنْ حُلِيِّهِمْ عِجْلًا جَسَدًا لَهُ خُوَارٌ ۚ أَلَمْ يَرَوْا أَنَّهُ لَا يُكَلِّمُهُمْ وَلَا يَهْدِيهِمْ سَبِيلًا ۘ اتَّخَذُوهُ وَكَانُوا ظَالِمِينَ
මූසාගේ ජනයා ඔහුගෙන් පසුව ඔවුන්ගේ ආභරණ වලින් වසු පැටවකුගේ හැඩයෙන් යුත් යමක් (නැමදුමට) ගත්තේය. එයට ගව හඬකුත් විය. සැබැවින්ම එය ඔවුන් සමඟ කතා නොකරන බවත් ඔවුනට එය ඍජු මඟ නොපෙන්වන බවත් ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු එය (නැමදුමට) ගත්තෝය. තවද ඔවුන් අපරාධකරුවන් බවට පත් වූහ.
وَلَمَّا سُقِطَ فِي أَيْدِيهِمْ وَرَأَوْا أَنَّهُمْ قَدْ ضَلُّوا قَالُوا لَئِنْ لَمْ يَرْحَمْنَا رَبُّنَا وَيَغْفِرْ لَنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ
ඔවුන්ගේ දෑත් කළ දෑ පිළිබඳ පසුතැවිලි වී සැබැවින්ම තමන් මුළා වී ඇති බව ඔවුන් දුටු කල්හි, අපගේ පරමාධිපති අපට කරුණා නොකළේ නම් තවද අපහට ඔහු සමාව නොදුන්නේ නම් සැබැවින්ම අපි අලාභවන්තයින් අතරින් වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.

Choose other languages: