Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #118 Translated in Sinhalese

قَالَ نَعَمْ وَإِنَّكُمْ لَمِنَ الْمُقَرَّبِينَ
එසේය. තවද නුඹලා (මට) සමීපතයින් අතරිනි යැයි ඔහු පැවසුවේය.
قَالُوا يَا مُوسَىٰ إِمَّا أَنْ تُلْقِيَ وَإِمَّا أَنْ نَكُونَ نَحْنُ الْمُلْقِينَ
අහෝ මූසා! (විජ්ජාවන්) නුඹ දමන්නෙහි ද නැතිනම් අපිම දමන්නන් වන්නෙමු දැයි ඔවුහු ඇසුවෝය.
قَالَ أَلْقُوا ۖ فَلَمَّا أَلْقَوْا سَحَرُوا أَعْيُنَ النَّاسِ وَاسْتَرْهَبُوهُمْ وَجَاءُوا بِسِحْرٍ عَظِيمٍ
නුඹලා දමනු යැයි ඔහු පැවසුවේය. ඔවුහු එය දැමූ කල්හි ජනයාගේ ඇස් බැන්දුම් කොට ඔවුන් ව බිය වැද්දූහ. තවද ඔවුහු මහත් හූනියම් (විජ්ජාවක්) ගෙන ආහ.
وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَلْقِ عَصَاكَ ۖ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ
තවද ‘නුඹ නුඹේ සැරයටිය බිම දමනු’ යැයි අපි මූසා වෙත දන්වා සිටියෙමු. එවිට එය ඔවුන් සිදු කළ විජ්ජාවන් ගිල දැමීය.
فَوَقَعَ الْحَقُّ وَبَطَلَ مَا كَانُوا يَعْمَلُونَ
තවද සත්‍ය පැහැදිලි විය. ඔවුන් කරමින් සිටි දේ නිෂ්ඵල විය.

Choose other languages: