Quran Apps in many lanuages:

Surah Al-Ankabut Ayahs #57 Translated in Sinhalese

وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ ۚ وَلَوْلَا أَجَلٌ مُسَمًّى لَجَاءَهُمُ الْعَذَابُ وَلَيَأْتِيَنَّهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ
තවද ඔවුහු ඔබගෙන් එම දඬුවම ඉක්මණින් පතති. (එයට) නියමිත කාලයක් නොවී නම් ඔවුන් වෙත එම දඬුවම පැමිණෙන්නට තිබුණි. තවද ඔවුන් නොදැනුවත් ව සිටිය දී එය ක්ෂණික ව ඔවුන් වෙත පැමිණෙනු ඇත.
يَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ
ඔවුහු එම දඬුවම ඔබෙන් ඉක්මණින් පතති. තවද නියත වශයෙන්ම නිරය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සර්වප්‍රකාරයෙන් වට කර ගන්නකි.
يَوْمَ يَغْشَاهُمُ الْعَذَابُ مِنْ فَوْقِهِمْ وَمِنْ تَحْتِ أَرْجُلِهِمْ وَيَقُولُ ذُوقُوا مَا كُنْتُمْ تَعْمَلُونَ
එදින ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාද වලට යටින් ද දඬුවම ඔවුන් ව ආවරණය කරනු ඇත. "තවද නුඹලා සිදු කරමින් සිටී දෑ භුක්ති විඳිනු" යැයි ඔහු (අල්ලාහ්) පවසනු ඇත.
يَا عِبَادِيَ الَّذِينَ آمَنُوا إِنَّ أَرْضِي وَاسِعَةٌ فَإِيَّايَ فَاعْبُدُونِ
අහෝ විශ්වාස කළ මාගේ ගැත්තනි! නියත වශයෙන්ම මාගේ භූමිය විශාලය. එහෙයින් නුඹලා මටම නැමදුම් කරනු.
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۖ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ
සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳින්නකි. පසු ව නුඹලා අප වෙත යොමු කරනු ලබන්නෙහුය.

Choose other languages: