Quran Apps in many lanuages:

Surah Al-Ankabut Ayahs #7 Translated in Sinhalese

وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِنْ قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ
තවද ඔවුනට පෙර සිටියවුන් ද අපි පරීක්ෂාවට ලක් කළෙමු. එහෙයින් සත්යය පැවසූවන් පිළිබඳ ව අල්ලාහ් සැබැවින්ම දනී. තවද මුසාවාදීන් පිළිබඳ ව ද ඔහු සැබැවින්ම දනී.
أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَنْ يَسْبِقُونَا ۚ سَاءَ مَا يَحْكُمُونَ
නපුරුකම් සිදු කරන්නන් වනාහි ඔවුහු අප අබිබවා යා හැකැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
مَنْ كَانَ يَرْجُو لِقَاءَ اللَّهِ فَإِنَّ أَجَلَ اللَّهِ لَآتٍ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
කවරෙකු අල්ලාහ්ගේ හමුව අපේක්ෂා කරන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ්ගේ නියමිත කාලය පැමිණෙන්නකි. (යැයි දැන ගනු) තවද ඔහු සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
وَمَنْ جَاهَدَ فَإِنَّمَا يُجَاهِدُ لِنَفْسِهِ ۚ إِنَّ اللَّهَ لَغَنِيٌّ عَنِ الْعَالَمِينَ
තවද කවරෙකු (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වෙහෙස වන්නේ ද එසේ ඔහු වෙහෙස වනුයේ ඔහු වෙනුවෙනි. නියත වශයෙන්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්යතා නොමැත්තෙකි.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ الَّذِي كَانُوا يَعْمَلُونَ
තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් අපි කමා කරන්නෙමු. තවද ඔවුන් සිදුකරමින් සිටි වඩාත් අලංකාර දෑ සඳහා අපි ඔවුනට ප්‍රතිඵල පිරිනමන්නෙමු.

Choose other languages: