Quran Apps in many lanuages:

Surah Al-Ankabut Ayahs #6 Translated in Sinhalese

أَحَسِبَ النَّاسُ أَنْ يُتْرَكُوا أَنْ يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ
මිනිසා තමන් පරීක්ෂාවට ලක් කරනු නොලැබ, අපි විශ්වාස කළෙමු යැයි පැවසීමෙන් පමණක් තමන් අතහැර දමනු ලබනු ඇතැයි සිතුවේ ද?
وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِنْ قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ
තවද ඔවුනට පෙර සිටියවුන් ද අපි පරීක්ෂාවට ලක් කළෙමු. එහෙයින් සත්යය පැවසූවන් පිළිබඳ ව අල්ලාහ් සැබැවින්ම දනී. තවද මුසාවාදීන් පිළිබඳ ව ද ඔහු සැබැවින්ම දනී.
أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَنْ يَسْبِقُونَا ۚ سَاءَ مَا يَحْكُمُونَ
නපුරුකම් සිදු කරන්නන් වනාහි ඔවුහු අප අබිබවා යා හැකැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
مَنْ كَانَ يَرْجُو لِقَاءَ اللَّهِ فَإِنَّ أَجَلَ اللَّهِ لَآتٍ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
කවරෙකු අල්ලාහ්ගේ හමුව අපේක්ෂා කරන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ්ගේ නියමිත කාලය පැමිණෙන්නකි. (යැයි දැන ගනු) තවද ඔහු සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
وَمَنْ جَاهَدَ فَإِنَّمَا يُجَاهِدُ لِنَفْسِهِ ۚ إِنَّ اللَّهَ لَغَنِيٌّ عَنِ الْعَالَمِينَ
තවද කවරෙකු (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වෙහෙස වන්නේ ද එසේ ඔහු වෙහෙස වනුයේ ඔහු වෙනුවෙනි. නියත වශයෙන්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්යතා නොමැත්තෙකි.

Choose other languages: