Quran Apps in many lanuages:

Surah Al-Ankabut Ayahs #13 Translated in Sinhalese

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُدْخِلَنَّهُمْ فِي الصَّالِحِينَ
තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි සැබැවින්ම අපි ඔවුන් දැහැමියන් අතරට ඇතුළත් කරන්නෙමු.
وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ وَلَئِنْ جَاءَ نَصْرٌ مِنْ رَبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ ۚ أَوَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِمَا فِي صُدُورِ الْعَالَمِينَ
තවද ‘සැබැවින්ම අපි අල්ලාහ් විශ්වාස කළෙමු’ යැයි පවසන අය ජනයා අතරින් වෙති. එවැන්නෙකු අල්ලාහ් විෂයෙහි වේදනාවට පත් කරනු ලැබූ විට, ජනයාගේ අර්බුදය අල්ලාහ්ගේ දඬුවමක් බවට සලකයි. නමුත් ඔබේ පරමාධිපතිගෙන් උපකාරයක් පැමිණි විට නියත වශයෙන්ම අපි නුඹලා සමග සිටියෙමු යැයි පවසති. ලෝවැසියන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද?
وَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ آمَنُوا وَلَيَعْلَمَنَّ الْمُنَافِقِينَ
තවද සැබැවින්ම දේවත්වය විශ්වාස කළවුන් ගැන අල්ලාහ් දන්නේය. තවද කුහකයින් ගැන ද සැබැවින්ම ඔහු දන්නේය.
وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا اتَّبِعُوا سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَايَاكُمْ وَمَا هُمْ بِحَامِلِينَ مِنْ خَطَايَاهُمْ مِنْ شَيْءٍ ۖ إِنَّهُمْ لَكَاذِبُونَ
තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් දේවත්වය විශ්වාස කළවුන් දෙස බලා නුඹලා අපගේ මාර්ගය අනුගමනය කරනු. නුඹලාගේ පාපකම් අපි උසුලන්නෙමු යැයි පවසති. ඔවුන්ගේ පාපකම් වලින් කිසිවක් ඔවුහු උසුලන්නන් නොවෙති. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.
وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْأَلُنَّ يَوْمَ الْقِيَامَةِ عَمَّا كَانُوا يَفْتَرُونَ
තවද නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ බරද ඔවුන්ගේ බර සමග තවත් බරද උසුලනු ඇත. තවද ඔවුන් ගොතමින් සිටි දෑ පිළිබඳ ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නියත වශයෙන්ම විනිශ්චය කරනු ලැබේ.

Choose other languages: