Quran Apps in many lanuages:

Surah Al-Ankabut Ayahs #16 Translated in Sinhalese

وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا اتَّبِعُوا سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَايَاكُمْ وَمَا هُمْ بِحَامِلِينَ مِنْ خَطَايَاهُمْ مِنْ شَيْءٍ ۖ إِنَّهُمْ لَكَاذِبُونَ
තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් දේවත්වය විශ්වාස කළවුන් දෙස බලා නුඹලා අපගේ මාර්ගය අනුගමනය කරනු. නුඹලාගේ පාපකම් අපි උසුලන්නෙමු යැයි පවසති. ඔවුන්ගේ පාපකම් වලින් කිසිවක් ඔවුහු උසුලන්නන් නොවෙති. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.
وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْأَلُنَّ يَوْمَ الْقِيَامَةِ عَمَّا كَانُوا يَفْتَرُونَ
තවද නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ බරද ඔවුන්ගේ බර සමග තවත් බරද උසුලනු ඇත. තවද ඔවුන් ගොතමින් සිටි දෑ පිළිබඳ ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නියත වශයෙන්ම විනිශ්චය කරනු ලැබේ.
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ
තවද සැබැවින්ම අපි නූහ් ඔහුගේ ජනයා වෙත එව්වෙමු. එවිට ඔහු ඔවුන් අතර වසර දහසකට වසර පනහක් අඩුවෙන් (එනම් අවුරුදු නවසියපනහක්) රැඳී සිටියේය. එවිට ඔවුන් අපරාධකරුවන් ලෙස සිටිය දී මහා ගංවතුර ඔවුන් හසු කළේය.
فَأَنْجَيْنَاهُ وَأَصْحَابَ السَّفِينَةِ وَجَعَلْنَاهَا آيَةً لِلْعَالَمِينَ
එවිට අපි ඔහු(නූහ්) හා නැවේ සිටි සගයින් බේරා ගත්තෙමු. තවද ලෝ වැසියන්ට සංඥාවක් බවට අපි එය පත් කළෙමු.
وَإِبْرَاهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ ۖ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
තවද ඉබ්රාහීම් ව ද (එව්වෙමු.) නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට උතුම්ය යැයි ඔහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

Choose other languages: