Quran Apps in many lanuages:

Surah Al-Anfal Ayahs #5 Translated in Sinhalese

8:1
يَسْأَلُونَكَ عَنِ الْأَنْفَالِ ۖ قُلِ الْأَنْفَالُ لِلَّهِ وَالرَّسُولِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَصْلِحُوا ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
(නබිවරය!) යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු අල්ලාහ්ට හා රසූල්වරයාට හිමි බව නුඹ පවසනු. එබැවින් නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු. තවද නුඹලා අතර ඇති බැඳීම් ක්‍රමවත් කරනු. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු.
8:2
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නෝ වනාහි අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තිගැස්සින. තවද ඔවුන් වෙත ඔහුගේ වදන් පාරායනය කරනු ලැබූ විට එය ඔවුනට දේව විශ්වාසය වර්ධනය කළේය. තවද ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුහු (සියල්ල) භාර කරති.
8:3
الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
ඔවුහු වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් වියදම් කරති.
8:4
أُولَٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا ۚ لَهُمْ دَرَجَاتٌ عِنْدَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
සැබෑ දේව විශ්වාසීහු ඔවුහුමය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට තරාතිරම් ද සමාව ද ගෞරවාන්විත පෝෂණය ද ඇත.
8:5
كَمَا أَخْرَجَكَ رَبُّكَ مِنْ بَيْتِكَ بِالْحَقِّ وَإِنَّ فَرِيقًا مِنَ الْمُؤْمِنِينَ لَكَارِهُونَ
(නබිවරය) නුඹේ පරමාධිපති නුඹේ නිවසින් සත්‍යය සමඟ නුඹව පිට කළාක් මෙන් නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කළවුන් අතරින් පිරිසක් (නුඹ සමඟ පැමිණීමට) පිළිකුල් කරන්නෝ වෙති.

Choose other languages: