Quran Apps in many lanuages:

Surah Al-Anfal Ayahs #14 Translated in Sinhalese

وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَىٰ وَلِتَطْمَئِنَّ بِهِ قُلُوبُكُمْ ۚ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ ۚ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
ශුභාරංචියක් වශයෙන් හා නුඹලාගේ හදවත් එමගින් සැනසුම ලබනු පිණිස මිස අල්ලාහ් එය නියම කළේ නැත. සැබෑ උපකාරය අල්ලාහ්ගෙන් මිස වෙනත් නැත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය; සර්ව ප්‍රඥාවන්තය.
إِذْ يُغَشِّيكُمُ النُّعَاسَ أَمَنَةً مِنْهُ وَيُنَزِّلُ عَلَيْكُمْ مِنَ السَّمَاءِ مَاءً لِيُطَهِّرَكُمْ بِهِ وَيُذْهِبَ عَنْكُمْ رِجْزَ الشَّيْطَانِ وَلِيَرْبِطَ عَلَىٰ قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ الْأَقْدَامَ
එවිට ඉන් බිය නොවී සිටින්නට සුළු නින්දෙන් ඔහු නුඹලා වෙළා ගත්තේය. නුඹලා එමගින් පිරිසිදු කරවා ෂෙයිතාන්ගේ කිලිටි නුඹලාගෙන් ඉවත් කරනු පිණිසත් නුඹලාගේ හදවත් ධෛර්‍යමත් කරවා එමගින් පාද ස්ථාවර කරනු පිණිසත් නුඹලා වෙත ඔහු අහසින් ජලය පහළ කළේය.
إِذْ يُوحِي رَبُّكَ إِلَى الْمَلَائِكَةِ أَنِّي مَعَكُمْ فَثَبِّتُوا الَّذِينَ آمَنُوا ۚ سَأُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ فَاضْرِبُوا فَوْقَ الْأَعْنَاقِ وَاضْرِبُوا مِنْهُمْ كُلَّ بَنَانٍ
එවිට නුඹගේ පරමාධිපති මලක්වරුන් වෙත ‘නිසැකවම මම නුඹලා සමග සිටිමි. එබැවින් විශ්වාස කළවුන් ව නුඹලා ස්ථාවර කරනු. ප්‍රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළට මම භීතිය හෙළමි. එබැවින් නුඹලා ගෙලට ඉහළින් කපා දමනු. තවද ඔවුන්ගෙන් වූ සෑම පුරුකක්ම කපා දමනු’ යැයි දන්වා සිටියේය.
ذَٰلِكَ بِأَنَّهُمْ شَاقُّوا اللَّهَ وَرَسُولَهُ ۚ وَمَنْ يُشَاقِقِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
එය ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට විරුද්ධ වූ බැවිනි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට විරුද්ධ වන්නේ ද එවිට (දැන ගනු) සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
ذَٰلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَافِرِينَ عَذَابَ النَّارِ
එයයි (දඬුවම), නුඹලා එය භුක්ති විදිනු. තවද නියත වශයෙන්ම නිරා ගින්නේ දඬුවම දේවත්වය ප්‍රතික්ෂේප කළ අයට ය.

Choose other languages: