Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #96 Translated in Sinhalese

إِنَّ هَٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ
නියත වශයෙන්ම මේ නුඹලාගේ ජනසමූහය එකම ජන සමූහයකි. තවද නුඹලාගේ පරමාධිපති මම වෙමි. එහෙයින් නුඹලා මට ම නැමදුම් කරනු.
وَتَقَطَّعُوا أَمْرَهُمْ بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَاجِعُونَ
තවද ඔවුන්ගේ (ආගමික) කටයුතු ඔවුන් අතර වෙන් කර ගත්තෝය. සියලු දෙනා අප වෙත නැවත හැරී එන්නෝ වෙති.
فَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِ وَإِنَّا لَهُ كَاتِبُونَ
එහෙයින් කවරෙකු දේවත්වය විශ්වාස කරන්නකු ලෙස සිට යහකම් කරන්නේද එවිට ඔහුගේ ශ්රමයට කිසිදු ප්‍රතික්ෂේපයක් නොමැත. තවද නියත වශයෙන්ම අපි ඔහු වෙනුවෙන් (එය) සටහන් කරන්නෝ වෙමු.
وَحَرَامٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَاهَا أَنَّهُمْ لَا يَرْجِعُونَ
අප විනාශ කළ ගම්මාන වෙත (එහි ජනයා නැවත පැමිණීම) තහනම් විය. නියත වශයෙන්ම ඔවුහු නැවත හැරී නොඑති.
حَتَّىٰ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُمْ مِنْ كُلِّ حَدَبٍ يَنْسِلُونَ
අවසානයේ (බාධක) විවෘත කරනු ලැබු විට යඃජූජ් හා මඃජූජ් වන ඔවුහු සෑම උස් තැනකින් ම වේගයෙන් පැමිණෙනු ඇත.

Choose other languages: