Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #95 Translated in Sinhalese

وَالَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِنْ رُوحِنَا وَجَعَلْنَاهَا وَابْنَهَا آيَةً لِلْعَالَمِينَ
තම කන්යාභව ආරක්ෂා කර ගත් තැනැත්තිය (වන මර්යම්) වනාහි එවිට අපි අපගේ ආත්මයෙන් ඇය තුළට පිඹිවෙමු. තවද ඇය හා ඇයගේ දරුවා ලෝවැසියන්හට සංඥාවක් බවට පත් කළෙමු.
إِنَّ هَٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ
නියත වශයෙන්ම මේ නුඹලාගේ ජනසමූහය එකම ජන සමූහයකි. තවද නුඹලාගේ පරමාධිපති මම වෙමි. එහෙයින් නුඹලා මට ම නැමදුම් කරනු.
وَتَقَطَّعُوا أَمْرَهُمْ بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَاجِعُونَ
තවද ඔවුන්ගේ (ආගමික) කටයුතු ඔවුන් අතර වෙන් කර ගත්තෝය. සියලු දෙනා අප වෙත නැවත හැරී එන්නෝ වෙති.
فَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِ وَإِنَّا لَهُ كَاتِبُونَ
එහෙයින් කවරෙකු දේවත්වය විශ්වාස කරන්නකු ලෙස සිට යහකම් කරන්නේද එවිට ඔහුගේ ශ්රමයට කිසිදු ප්‍රතික්ෂේපයක් නොමැත. තවද නියත වශයෙන්ම අපි ඔහු වෙනුවෙන් (එය) සටහන් කරන්නෝ වෙමු.
وَحَرَامٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَاهَا أَنَّهُمْ لَا يَرْجِعُونَ
අප විනාශ කළ ගම්මාන වෙත (එහි ජනයා නැවත පැමිණීම) තහනම් විය. නියත වශයෙන්ම ඔවුහු නැවත හැරී නොඑති.

Choose other languages: