Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #61 Translated in Sinhalese

وَتَاللَّهِ لَأَكِيدَنَّ أَصْنَامَكُمْ بَعْدَ أَنْ تُوَلُّوا مُدْبِرِينَ
තවද අල්ලාහ් මත දිවුරමින්. නුඹලා හැරී ගිය පසු නුඹලාගේ පිළිම වලට මම (උපාය මාර්ගික) සැලැස්මක් යොදමි.
فَجَعَلَهُمْ جُذَاذًا إِلَّا كَبِيرًا لَهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ
පසු ව ඔවුන් ඒ වෙත නැවත හැරී එනු පිණිස විශාල ප්‍රතිමාව හැර (සෙසු) ඒවා ඔහු කැබලි වලට පත් කළේය.
قَالُوا مَنْ فَعَلَ هَٰذَا بِآلِهَتِنَا إِنَّهُ لَمِنَ الظَّالِمِينَ
‘අපගේ දෙවිවරුන්ට මෙය සිදු කළේ කවුද? නියත වශයෙන්ම ඔහු අපරාධකරුවන් අතරින් වේ යැ’යි ඔවුහු පැවසූහ.
قَالُوا سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُ إِبْرَاهِيمُ
‘ඒවා (පිළිම) ගැන දොස් නගන ඔහුට ඉබ්රාහීම් යැයි අමතනු ලබන තරුණයෙක් පිළිබඳ අපි අසා ඇත්තෙමු’ යි ඔවුහු පැවසූහ.
قَالُوا فَأْتُوا بِهِ عَلَىٰ أَعْيُنِ النَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ
‘එසේ නම් ජනයාගේ දෑස් ඉදිරිපිටට ඔවුන් දැකිය හැකි වනු පිණිස නුඹලා ඔහු ගෙන එනු යැ’යි ඔවුහු පැවසූහ.

Choose other languages: