Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #44 Translated in Sinhalese

بَلْ تَأْتِيهِمْ بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنْظَرُونَ
නමුත් ඔවුන් වෙත හදිසියේම එය පැමිණෙයි. එවිට එය ඔවුන් කම්පනයට පත් කරයි. එවිට එයට ප්‍රතිචාර දැක්වීමට ඔවුහු හැකියාව නොදරති. එමෙන්ම ඔවුන් අවකාශයද දෙනු නොලබති.
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
තවද නුඹට පෙර ධර්ම දූතයින් සමච්චලයට ලක් කරනු ලැබීය. එහෙයින් කවර දෙයක් පිළිබඳ ව ඔවුන් සමච්චල් කරමින් සිටියේ ද එය, ඔවුන් අතරින් සරදම් කළවුන් වටලා ගත්තේය.
قُلْ مَنْ يَكْلَؤُكُمْ بِاللَّيْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمَٰنِ ۗ بَلْ هُمْ عَنْ ذِكْرِ رَبِّهِمْ مُعْرِضُونَ
මහා කරුණාන්විතයාණන්ගෙන් රාත්‍රියෙහි හා දහවලෙහි නුඹලා ව ආරක්ෂා කරන්නේ කවරහුදැයි (නබිවරය!) නුඹ විමසනු. නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපති මෙනෙහි කිරීමෙන් පිටු දකින්නෝ වෙති.
أَمْ لَهُمْ آلِهَةٌ تَمْنَعُهُمْ مِنْ دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنْفُسِهِمْ وَلَا هُمْ مِنَّا يُصْحَبُونَ
එසේ නැතහොත්, අපගෙන් තොරව ඔවුන් වළක්වාලන දෙවිවරුන් ඔවුනට වෙත්ද? තමන්ටම උපකාර කිරීමට පවා ඔවුහු හැකියාව නොදරති. තවද ඔවුහු අපගෙන් ආරක්ෂා කරනු නොලබති.
بَلْ مَتَّعْنَا هَٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ الْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِي الْأَرْضَ نَنْقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ أَفَهُمُ الْغَالِبُونَ
එසේ නොව, මොවුනට හා මොවුන්ගේ මුතුන් මිත්තන් හට දිගු ආයුෂ කාලයක් ගත වන තෙක් අපි භුක්ති විඳීමට සළස්වීමු; අපි මහපොළොව එහි පැතිකඩ වලින් අඩු කරමින් එන බව ඔවුහු නොදුටුවෝද? එහෙයින් ඔවුන් (අප) අභිබවා යන්නෝ වෙත්ද?

Choose other languages: