Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #42 Translated in Sinhalese

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ
තවද නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා (සිදු වන්නේ) දැයි ඔවුහු විමසති.
لَوْ يَعْلَمُ الَّذِينَ كَفَرُوا حِينَ لَا يَكُفُّونَ عَنْ وُجُوهِهِمُ النَّارَ وَلَا عَنْ ظُهُورِهِمْ وَلَا هُمْ يُنْصَرُونَ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ කොඳු (නිරා) ගින්නෙන් ඔවුනට වළකාගත නොහැකි එමෙන්ම ඔවුනට උදව් කරනු නොලබන අවස්ථාව ගැන දැන සිටියා නම්! (ඔවුන් ඉක්මන් නොවනු ඇත).
بَلْ تَأْتِيهِمْ بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنْظَرُونَ
නමුත් ඔවුන් වෙත හදිසියේම එය පැමිණෙයි. එවිට එය ඔවුන් කම්පනයට පත් කරයි. එවිට එයට ප්‍රතිචාර දැක්වීමට ඔවුහු හැකියාව නොදරති. එමෙන්ම ඔවුන් අවකාශයද දෙනු නොලබති.
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
තවද නුඹට පෙර ධර්ම දූතයින් සමච්චලයට ලක් කරනු ලැබීය. එහෙයින් කවර දෙයක් පිළිබඳ ව ඔවුන් සමච්චල් කරමින් සිටියේ ද එය, ඔවුන් අතරින් සරදම් කළවුන් වටලා ගත්තේය.
قُلْ مَنْ يَكْلَؤُكُمْ بِاللَّيْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمَٰنِ ۗ بَلْ هُمْ عَنْ ذِكْرِ رَبِّهِمْ مُعْرِضُونَ
මහා කරුණාන්විතයාණන්ගෙන් රාත්‍රියෙහි හා දහවලෙහි නුඹලා ව ආරක්ෂා කරන්නේ කවරහුදැයි (නබිවරය!) නුඹ විමසනු. නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපති මෙනෙහි කිරීමෙන් පිටු දකින්නෝ වෙති.

Choose other languages: