Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #41 Translated in Sinhalese

خُلِقَ الْإِنْسَانُ مِنْ عَجَلٍ ۚ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونِ
මිනිසා ඉක්මන් සුළු ගතියෙන් මවනු ලැබ ඇත. මාගේ සංඥාවන් මම නුඹලාට මතු පෙන්වමි. එහෙයින් නුඹලා මගෙන් (ඒවා) ඉක්මණින් නොපතනු.
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ
තවද නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා (සිදු වන්නේ) දැයි ඔවුහු විමසති.
لَوْ يَعْلَمُ الَّذِينَ كَفَرُوا حِينَ لَا يَكُفُّونَ عَنْ وُجُوهِهِمُ النَّارَ وَلَا عَنْ ظُهُورِهِمْ وَلَا هُمْ يُنْصَرُونَ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ කොඳු (නිරා) ගින්නෙන් ඔවුනට වළකාගත නොහැකි එමෙන්ම ඔවුනට උදව් කරනු නොලබන අවස්ථාව ගැන දැන සිටියා නම්! (ඔවුන් ඉක්මන් නොවනු ඇත).
بَلْ تَأْتِيهِمْ بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنْظَرُونَ
නමුත් ඔවුන් වෙත හදිසියේම එය පැමිණෙයි. එවිට එය ඔවුන් කම්පනයට පත් කරයි. එවිට එයට ප්‍රතිචාර දැක්වීමට ඔවුහු හැකියාව නොදරති. එමෙන්ම ඔවුන් අවකාශයද දෙනු නොලබති.
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
තවද නුඹට පෙර ධර්ම දූතයින් සමච්චලයට ලක් කරනු ලැබීය. එහෙයින් කවර දෙයක් පිළිබඳ ව ඔවුන් සමච්චල් කරමින් සිටියේ ද එය, ඔවුන් අතරින් සරදම් කළවුන් වටලා ගත්තේය.

Choose other languages: