Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #37 Translated in Sinhalese

وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ
තවද රාත්‍රිය, දහවල, හිරු හා සඳු මැව්වේ ඔහුය. (ඒ) සියල්ල කක්ෂයක පා වෙති.
وَمَا جَعَلْنَا لِبَشَرٍ مِنْ قَبْلِكَ الْخُلْدَ ۖ أَفَإِنْ مِتَّ فَهُمُ الْخَالِدُونَ
තවද නුඹට පෙර කිසිදු මිනිසෙකුට අමරණීයත්වයක් අපි ඇති නොකළෙමු. එහෙයින් නුඹ මිය ගියේ නම් ඔවුහු සදාතනිකයෝ වෙත්ද?
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً ۖ وَإِلَيْنَا تُرْجَعُونَ
සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳවන්නකි. තවද පරීක්ෂණයක් ලෙස අපි නපුරෙන් හා යහපතින් නුඹලා පිරික්සන්නෙමු. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.
وَإِذَا رَآكَ الَّذِينَ كَفَرُوا إِنْ يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا الَّذِي يَذْكُرُ آلِهَتَكُمْ وَهُمْ بِذِكْرِ الرَّحْمَٰنِ هُمْ كَافِرُونَ
තවද ප්‍රතික්ෂේප කළවුන් නුඹ ව දුටු විට නුඹලාගේ දෙවිවරුන් ගැන මෙනෙහි කරනුයේ මොහු දැයි පවසමින් නුඹ ව සරදමක් ලෙස මිස ඔවුහු නොගනු ඇත. තවද ඔවුහු මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීමට ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
خُلِقَ الْإِنْسَانُ مِنْ عَجَلٍ ۚ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونِ
මිනිසා ඉක්මන් සුළු ගතියෙන් මවනු ලැබ ඇත. මාගේ සංඥාවන් මම නුඹලාට මතු පෙන්වමි. එහෙයින් නුඹලා මගෙන් (ඒවා) ඉක්මණින් නොපතනු.

Choose other languages: