Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #35 Translated in Sinhalese

وَجَعَلْنَا فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَعَلَّهُمْ يَهْتَدُونَ
තවද එය ඔවුන් ව ඇල නොකරන අයුරින් කඳු මුදුන් මහපොළොවේ අපි ඇති කළෙමු. තවද ඔවුන් මග ලැබිය හැකි වනු පිණිස එහි බොහෝ දිගු මාර්ග ද ඇති කළෙමු.
وَجَعَلْنَا السَّمَاءَ سَقْفًا مَحْفُوظًا ۖ وَهُمْ عَنْ آيَاتِهَا مُعْرِضُونَ
තවද අහස සුරක්ෂිත වියනක් බවට අපි පත් කළෙමු. නමුත් ඔවුහු එම සංඥාවන් පිටුපාන්නන් වෙති.
وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ
තවද රාත්‍රිය, දහවල, හිරු හා සඳු මැව්වේ ඔහුය. (ඒ) සියල්ල කක්ෂයක පා වෙති.
وَمَا جَعَلْنَا لِبَشَرٍ مِنْ قَبْلِكَ الْخُلْدَ ۖ أَفَإِنْ مِتَّ فَهُمُ الْخَالِدُونَ
තවද නුඹට පෙර කිසිදු මිනිසෙකුට අමරණීයත්වයක් අපි ඇති නොකළෙමු. එහෙයින් නුඹ මිය ගියේ නම් ඔවුහු සදාතනිකයෝ වෙත්ද?
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً ۖ وَإِلَيْنَا تُرْجَعُونَ
සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳවන්නකි. තවද පරීක්ෂණයක් ලෙස අපි නපුරෙන් හා යහපතින් නුඹලා පිරික්සන්නෙමු. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.

Choose other languages: