Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #33 Translated in Sinhalese

وَمَنْ يَقُلْ مِنْهُمْ إِنِّي إِلَٰهٌ مِنْ دُونِهِ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ
තවද ඔහු නොව සැබැවින්ම මමය දෙවියා යැයි ඔවුන් අතරින් කවරෙකු පවසන්නේ ද ඔහුට නිරය ප්‍රතිවිපාකයක් ලෙස අපි දෙන්නෙමු. එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا ۖ وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ
නියත වශයෙන්ම අහස් හා පොළොව එකට (ස්කන්ධයක් ව) තිබුණි. පසු ව අපි ඒ දෙක වෙන් කළ බවත් තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්‍රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?
وَجَعَلْنَا فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَعَلَّهُمْ يَهْتَدُونَ
තවද එය ඔවුන් ව ඇල නොකරන අයුරින් කඳු මුදුන් මහපොළොවේ අපි ඇති කළෙමු. තවද ඔවුන් මග ලැබිය හැකි වනු පිණිස එහි බොහෝ දිගු මාර්ග ද ඇති කළෙමු.
وَجَعَلْنَا السَّمَاءَ سَقْفًا مَحْفُوظًا ۖ وَهُمْ عَنْ آيَاتِهَا مُعْرِضُونَ
තවද අහස සුරක්ෂිත වියනක් බවට අපි පත් කළෙමු. නමුත් ඔවුහු එම සංඥාවන් පිටුපාන්නන් වෙති.
وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ
තවද රාත්‍රිය, දහවල, හිරු හා සඳු මැව්වේ ඔහුය. (ඒ) සියල්ල කක්ෂයක පා වෙති.

Choose other languages: