Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #98 Translated in Sinhalese

وَلَقَدْ جِئْتُمُونَا فُرَادَىٰ كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُمْ مَا خَوَّلْنَاكُمْ وَرَاءَ ظُهُورِكُمْ ۖ وَمَا نَرَىٰ مَعَكُمْ شُفَعَاءَكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاءُ ۚ لَقَدْ تَقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنْكُمْ مَا كُنْتُمْ تَزْعُمُونَ
අපි නුඹලාට පිරිනමා තිබූ දෑ නුඹලාගේ පිටු පිටිපසට අත හැර දමා, මුල් වරට නුඹලා ව අපි මැව්වාක් මෙන් සැබැවින්ම නුඹලා අප වෙතට (කිසිවක් නොමැති ව) තනි ව පැමිණ ඇත. සැබැවින්ම නුඹලා අතර සිටි (අල්ලාහ්ට) සමානයන් යැයි නුඹලා තරයේ විශ්වාස කළ අය නුඹලා වෙනුවෙන් මැදිහත්වන්නන් ලෙස නුඹලා සමඟ සිටිනු අපි නොදකින්නෙමු. නුඹලා අතර වූ සම්බන්ධතා සැබැවින්ම විසන්ධි විය. නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි දෑ නුඹලාගෙන් මුළා විය.
إِنَّ اللَّهَ فَالِقُ الْحَبِّ وَالنَّوَىٰ ۖ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَمُخْرِجُ الْمَيِّتِ مِنَ الْحَيِّ ۚ ذَٰلِكُمُ اللَّهُ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ
සැබැවින්ම අල්ලාහ් බීජ හා ඇට පැළී අංකුරලන්නට සලස්වන්නාය. තවද ඔහු මළ දැයින් ප්‍රාණික දෑ පිට කරයි. ප්‍රාණික දැයින් මළ දෑ පිට කරයි. එයයි අල්ලාහ්! එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
فَالِقُ الْإِصْبَاحِ وَجَعَلَ اللَّيْلَ سَكَنًا وَالشَّمْسَ وَالْقَمَرَ حُسْبَانًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ
අලුයම් කාලය උදා කරවන්නා ය. තවද ඔහු සැනසුම ලැබීම සඳහා රාත්‍රිය ද කාලය ගණනය කිරීම සඳහා හිරු හා සඳු ද ඇති කළේය. මෙය සර්ව බලධාරී සර්වඥයාණන්ගේ සැලැස්ම වේ.
وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ النُّجُومَ لِتَهْتَدُوا بِهَا فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ ۗ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ
අලුයම් කාලය උදා කරවන්නා ය. තවද ඔහු සැනසුම ලැබීම සඳහා රාත්‍රිය ද කාලය ගණනය කිරීම සඳහා හිරු හා සඳු ද ඇති කළේය. මෙය සර්ව බලධාරී සර්වඥයාණන්ගේ සැලැස්ම වේ.
وَهُوَ الَّذِي أَنْشَأَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ ۗ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَفْقَهُونَ
නුඹලා ව එකම ආත්මයකින් නිර්මාණය කළේ ඔහුය. එය (මව් කුස) තැන්පත් ස්ථානයක් ලෙස හා (පිය කොඳු නාරටිය) රැඳවුම් ස්ථානයක් ලෙසිනි. සැබැවින්ම අපි අවබෝධ කරන ජනයාට සංඥාවන් පැහැදිලි කර ඇත්තෙමු.

Choose other languages: