Surah Al-Anaam Ayahs #126 Translated in Sinhalese
أَوَمَنْ كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَنْ مَثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِنْهَا ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْكَافِرِينَ مَا كَانُوا يَعْمَلُونَ
(මුළාවීමෙන්) මළමිනියක්ව සිටි පසු (මඟ පෙන්වීමෙන්) ඔහුට අපි ජීවය ලබා දී ඔහුට ආලෝකය ද ඇති කොට එමගින් ජනයා අතර ඇවිද යන අය වනාහි ඔහු අන්ධකාරයන්හි සිට එයින් බැහැර ව යා නොහැකි අයකුට සමාන වන්නේද? දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන් සිදු කරමින් සිටි දෑ අලංකාරවත් කර පෙන්වනු ලැබුවේ එලෙසය.
وَكَذَٰلِكَ جَعَلْنَا فِي كُلِّ قَرْيَةٍ أَكَابِرَ مُجْرِمِيهَا لِيَمْكُرُوا فِيهَا ۖ وَمَا يَمْكُرُونَ إِلَّا بِأَنْفُسِهِمْ وَمَا يَشْعُرُونَ
එලෙස සෑම ගමකම එහි කුමන්ත්‍රණය කරනු පිණිස එහි වැරදි කරන ප්‍රධානීන් ඇති කළෙමු. තවද ඔවුහු කුමන්ත්‍රණ කරනුයේ ඔවුන්ටම මිස වෙනත් අයට නොවේ. තවද ඔවුහු (ඒ බව) වටහා නොගනිති.
وَإِذَا جَاءَتْهُمْ آيَةٌ قَالُوا لَنْ نُؤْمِنَ حَتَّىٰ نُؤْتَىٰ مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللَّهِ ۘ اللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ ۗ سَيُصِيبُ الَّذِينَ أَجْرَمُوا صَغَارٌ عِنْدَ اللَّهِ وَعَذَابٌ شَدِيدٌ بِمَا كَانُوا يَمْكُرُونَ
ඔවුනට (මුහම්මද් තුමාණන්ගේ නබිත්වය තහවුරු කරමින්) යම් සාක්ෂියක් පැමිණි විට අල්ලාහ් ගේ දූතවරුන්ට පිරිනමනු ලැබූවාක් මෙන් යමක් අපටද පිරිනමනු ලබන තෙක් අපි විශ්වාස නොකරන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය. තම දූත මෙහෙවර කොතැනක තැබිය යුතු දැයි අල්ලාහ් මැනවින් දන්නාය. වැරදි කළවුන් ව ඔවුන් කුමන්ත්‍රණ කරමින් සිටි දෑ හේතුවෙන් අල්ලාහ් වෙතින් වූ අවමානයක් හා දැඩි දඬුවමක් හසුකර ගනු ඇත.
فَمَنْ يُرِدِ اللَّهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ ۖ وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ ۚ كَذَٰلِكَ يَجْعَلُ اللَّهُ الرِّجْسَ عَلَى الَّذِينَ لَا يُؤْمِنُونَ
අල්ලාහ් කවරෙකුව මඟ පෙන් වීමට සිතන්නේ ද ඔහුගේ හදවත ඉස්ලාමය වෙතට විවෘත කරනු ඇත. තවද කවරෙකුව නොමඟ හැර දමන්නට ඔහු සිතන්නේද ඔහුගේ හදවත අහසට නගිනවාක් මෙන් දුෂ්කර ඉතා පටු (පීඩනයෙන් යුත් හදවතක්) බවට පත් කරයි. විශ්වාස නොකරන්නන්හට අල්ලාහ් දඬුවම් කරනුයේ මෙලෙසය.
وَهَٰذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِيمًا ۗ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَذَّكَّرُونَ
මෙය නුඹගේ පරමාධිපතිගේ ඍජු මාර්ගය වේ. උපදෙස් ලබන ජනයාට සැබැවින්ම අපි මෙම සාධක පැහැදිලි කළෙමු.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
