Quran Apps in many lanuages:

Surah Al-Ahzab Ayahs #69 Translated in Sinhalese

خَالِدِينَ فِيهَا أَبَدًا ۖ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا
ඔවුන් එහි නිරන්තර සදාතනිකයින්ය. කිසිදු භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ ඔවුන් නොලබනු ඇත.
يَوْمَ تُقَلَّبُ وُجُوهُهُمْ فِي النَّارِ يَقُولُونَ يَا لَيْتَنَا أَطَعْنَا اللَّهَ وَأَطَعْنَا الرَّسُولَا
(නිරා) ගින්නේ ඔවුන්ගේ මුහුණු පෙරළනු ලබන දින අහෝ විනාශය! අප අල්ලාහ්ට අවනත වූයේ නම් තවද මෙම රසූල්වරයාට අවනත වූයේ නම් යැයි පවසති.
وَقَالُوا رَبَّنَا إِنَّا أَطَعْنَا سَادَتَنَا وَكُبَرَاءَنَا فَأَضَلُّونَا السَّبِيلَا
තවද අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම අපි අපගේ නායකයින් හා ප්‍රධානීන්ට අවනත වූයෙමු. එහෙයින් ඔවුහු අප ඍජු මාර්ගයෙන් නොමග හැරියෝය යැයි ඔවුහු පවසති.
رَبَّنَا آتِهِمْ ضِعْفَيْنِ مِنَ الْعَذَابِ وَالْعَنْهُمْ لَعْنًا كَبِيرًا
අපගේ පරමාධිපතියාණනි! ඔවුනට දඬුවම දෙගුණයක් දෙනු. තවද ඔවුනට මහත් ශාපයකින් ශාප කරනු.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ آذَوْا مُوسَىٰ فَبَرَّأَهُ اللَّهُ مِمَّا قَالُوا ۚ وَكَانَ عِنْدَ اللَّهِ وَجِيهًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! මූසාට හිංසා කළ අය මෙන් නුඹලා නොවනු. එවිට අල්ලාහ් ඔවුන් පවසන දැයින් ඔහුව නිදොස් කළේය. තවද ඔහු අල්ලාහ් අබියස ගෞරවාන්විත විය.

Choose other languages: