Quran Apps in many lanuages:

Surah Al-Ahzab Ayahs #68 Translated in Sinhalese

إِنَّ اللَّهَ لَعَنَ الْكَافِرِينَ وَأَعَدَّ لَهُمْ سَعِيرًا
නියත වශයෙන්ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට අල්ලාහ් ශාප කළේය. තවද ඔවුනට ඇවිළෙන ගින්න ඔහු සූදානම් කළේය.
خَالِدِينَ فِيهَا أَبَدًا ۖ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا
ඔවුන් එහි නිරන්තර සදාතනිකයින්ය. කිසිදු භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ ඔවුන් නොලබනු ඇත.
يَوْمَ تُقَلَّبُ وُجُوهُهُمْ فِي النَّارِ يَقُولُونَ يَا لَيْتَنَا أَطَعْنَا اللَّهَ وَأَطَعْنَا الرَّسُولَا
(නිරා) ගින්නේ ඔවුන්ගේ මුහුණු පෙරළනු ලබන දින අහෝ විනාශය! අප අල්ලාහ්ට අවනත වූයේ නම් තවද මෙම රසූල්වරයාට අවනත වූයේ නම් යැයි පවසති.
وَقَالُوا رَبَّنَا إِنَّا أَطَعْنَا سَادَتَنَا وَكُبَرَاءَنَا فَأَضَلُّونَا السَّبِيلَا
තවද අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම අපි අපගේ නායකයින් හා ප්‍රධානීන්ට අවනත වූයෙමු. එහෙයින් ඔවුහු අප ඍජු මාර්ගයෙන් නොමග හැරියෝය යැයි ඔවුහු පවසති.
رَبَّنَا آتِهِمْ ضِعْفَيْنِ مِنَ الْعَذَابِ وَالْعَنْهُمْ لَعْنًا كَبِيرًا
අපගේ පරමාධිපතියාණනි! ඔවුනට දඬුවම දෙගුණයක් දෙනු. තවද ඔවුනට මහත් ශාපයකින් ශාප කරනු.

Choose other languages: