Quran Apps in many lanuages:

Surah Al-Ahzab Ayahs #4 Translated in Sinhalese

يَا أَيُّهَا النَّبِيُّ اتَّقِ اللَّهَ وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
අහෝ නබිවරය! අල්ලාහ්ට නුඹ බැතිමත් වනු. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින්ට නුඹ අවනත නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්වඥානී මහා ප්‍රඥාවන්ත විය.
وَاتَّبِعْ مَا يُوحَىٰ إِلَيْكَ مِنْ رَبِّكَ ۚ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත දන්වා සිටිනු ලබන දෑ නුඹ අනුගමනය කරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්ත විය.
وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا
තවද නුඹ අල්ලාහ් වෙත භාර කරනු. තවද භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
مَا جَعَلَ اللَّهُ لِرَجُلٍ مِنْ قَلْبَيْنِ فِي جَوْفِهِ ۚ وَمَا جَعَلَ أَزْوَاجَكُمُ اللَّائِي تُظَاهِرُونَ مِنْهُنَّ أُمَّهَاتِكُمْ ۚ وَمَا جَعَلَ أَدْعِيَاءَكُمْ أَبْنَاءَكُمْ ۚ ذَٰلِكُمْ قَوْلُكُمْ بِأَفْوَاهِكُمْ ۖ وَاللَّهُ يَقُولُ الْحَقَّ وَهُوَ يَهْدِي السَّبِيلَ
මිනිසෙකුට ඔහුගේ අභ්යන්තරයේ හදවත් දෙකක් අල්ලාහ් ඇති නොකළේය. තවද ඔවුන් අතරින් නුඹලා මව(ගේ ශරීරය)ට සමකරන නුඹලාගේ බිරියන් නුඹලාගේ මව්වරුන් නොවේ. තවද නුඹලා (තම පුතුන් ලෙස) වාද කරන්නන් නුඹලාගේ පුතුන් නොවේ. එය නුඹලාගේ මුඛවලින් නුඹලා පවසන ප්‍රකාශයයි. තවද අල්ලාහ් සත්යය පවසයි. තවද ඔහු ඍජු මග පෙන්වයි.

Choose other languages: