Quran Apps in many lanuages:

Surah Adh-Dhariyat Ayahs #55 Translated in Sinhalese

وَلَا تَجْعَلُوا مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ
තවද නුඹලා අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු පත් නොකරනු. නියත වශයෙන්ම මම ඔහුගෙන් නුඹලා වෙනුවෙන් පැමිණි පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.
كَذَٰلِكَ مَا أَتَى الَّذِينَ مِنْ قَبْلِهِمْ مِنْ رَسُولٍ إِلَّا قَالُوا سَاحِرٌ أَوْ مَجْنُونٌ
එලෙසය ඔවුනට පෙර සිටියවුන් වෙත යම් ධර්ම දූතයකු පැමිණි විට හූනියම් කරුවෙකි නැතහොත් උම්මත්තකයෙකි යැයි ඔවුහු පැවසුවා මිස නොවීය.
أَتَوَاصَوْا بِهِ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ
ඔවුහු එකිනෙකා මේ ගැන උපදෙස් කර ගත්තෝ ද? එසේ නොව ඔවුන් සීමාව ඉක්මවා ගිය පිරිසකි.
فَتَوَلَّ عَنْهُمْ فَمَا أَنْتَ بِمَلُومٍ
එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු. නුඹ දොස් නගනු ලබන්නෙකු නොවනු ඇත.
وَذَكِّرْ فَإِنَّ الذِّكْرَىٰ تَنْفَعُ الْمُؤْمِنِينَ
තවද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන්ම මෙනෙහි කිරීම දේවත්වය විශ්වාස කරන්නන් හට ප්‍රයෝජනවත් වනු ඇත.

Choose other languages: