Quran Apps in many lanuages:

Surah Ad-Dukhan Ayahs #42 Translated in Sinhalese

وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සෙල්ලමට අපි නොමැව්වෙමු.
مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
ඒ දෙක සත්‍යයෙන් යුතු ව මිස අපි නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
إِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ
නියත වශයෙන්ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේ නියමිත කාලයයි.
يَوْمَ لَا يُغْنِي مَوْلًى عَنْ مَوْلًى شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ
එදින කිසිදු සගයෙකුගෙන් සගයෙකුට කිසිවකින් ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු උදව් කරනු නොලබති.
إِلَّا مَنْ رَحِمَ اللَّهُ ۚ إِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ
නමුත් අල්ලාහ් කරුණාව පෙන් වූ අය හැර. නියත වශයෙන්ම ඔහුමය සර්ව බලධාරී මහා කරුණාන්විත වනුයේ.

Choose other languages: