Quran Apps in many lanuages:

Surah Ad-Dukhan Ayahs #41 Translated in Sinhalese

أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ أَهْلَكْنَاهُمْ ۖ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ
ශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම ඔවුහු අපරාධකරුවන් වූවෝය.
وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සෙල්ලමට අපි නොමැව්වෙමු.
مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
ඒ දෙක සත්‍යයෙන් යුතු ව මිස අපි නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
إِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ
නියත වශයෙන්ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේ නියමිත කාලයයි.
يَوْمَ لَا يُغْنِي مَوْلًى عَنْ مَوْلًى شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ
එදින කිසිදු සගයෙකුගෙන් සගයෙකුට කිසිවකින් ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු උදව් කරනු නොලබති.

Choose other languages: