Surah Aal-E-Imran Ayahs #102 Translated in Sinhalese
قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَاللَّهُ شَهِيدٌ عَلَىٰ مَا تَعْمَلُونَ
අහෝ ධර්ම ග්‍රන්ථ ලත් ජනයිනි! නුඹලා අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරනුයේ මන් ද? තවද අල්ලාහ් නුඹලා කරන දෑ සඳහා සාක්ෂිකරුය.
قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ مَنْ آمَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنْتُمْ شُهَدَاءُ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
ධර්ම ග්‍රන්ථ ලත් ජනයිනි, නුඹලා (සත්‍යයට) සාක්ෂිකරුවන් ව සිටිය දී නුඹලා එහි දෝෂ සොයමින් විශ්වාස කළවුන් ව අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වනුයේ මන්දැ යි (නබිවරය) අසනු. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අනවධානියෙකු නොවේ.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تُطِيعُوا فَرِيقًا مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ يَرُدُّوكُمْ بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ
අහෝ විශ්වාස කළවුනි! ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අය අතරින් පිරිසකට නුඹලා අවනත වන්නෙහු නම් නුඹලාගේ විශ්වාසයෙන් පසු ව නුඹලා ව ඔවුන් නැවත ප්‍රතික්ෂේපකයින් බවට හරවනු ඇත.
وَكَيْفَ تَكْفُرُونَ وَأَنْتُمْ تُتْلَىٰ عَلَيْكُمْ آيَاتُ اللَّهِ وَفِيكُمْ رَسُولُهُ ۗ وَمَنْ يَعْتَصِمْ بِاللَّهِ فَقَدْ هُدِيَ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
තවද නුඹලා හට අල්ලාහ්ගේ වැකි පාරායනා කරනු ලබමින් නුඹලා සිටිය දී එමෙන්ම නුඹලා අතර ඔහුගේ ධර්ම දූතයා සිටිය දී නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ කෙසේ ද? කවරෙකු අල්ලාහ් ව තදින් ග්‍රහණය කර ගන්නේ ද එවිට සැබැවින්ම ඔහු ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබීය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් විය යුතු සැබෑ අයුරින්ම නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා අවනත වන්නන් ලෙස සිටිය දී මිස මරණයට පත් නොවනු.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
