Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #83 Translated in Sinhalese

مَا كَانَ لِبَشَرٍ أَنْ يُؤْتِيَهُ اللَّهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا عِبَادًا لِي مِنْ دُونِ اللَّهِ وَلَٰكِنْ كُونُوا رَبَّانِيِّينَ بِمَا كُنْتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنْتُمْ تَدْرُسُونَ
කෙනෙකුට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද නබිත්වය ද පිරිනමා තිබියදී, ඉන් අනතුරු ව අල්ලාහ්ව හැර දමා මටම දාසයින් වී සිටිනු යැයි ජනයාට පැවසීමට කිසිදු මිනිසෙකුට බලයක් නැත. එහෙත් දේව ග්‍රන්ථය නුඹලා උගන්වමින් සිටින බැවින් ද නුඹලා ඉගෙන ගනිමින් සිටින බැවින් ද නුඹලා ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වතුන් වනු. (යැයි ඔහු පවසනු ඇත)
وَلَا يَأْمُرَكُمْ أَنْ تَتَّخِذُوا الْمَلَائِكَةَ وَالنَّبِيِّينَ أَرْبَابًا ۗ أَيَأْمُرُكُمْ بِالْكُفْرِ بَعْدَ إِذْ أَنْتُمْ مُسْلِمُونَ
තවද නුඹලා මලක්වරුන් ව හා නබිවරුන් දෙවිවරුන් ලෙස ගැනීමට ඔහු නුඹලාට නියෝග නොකරයි. නුඹලා මුස්ලිම්වරුන් බවට පත් වූ පසු දේව ප්‍රතික්ෂේපය ඔහු නුඹලාට අණ කරනු ඇත් ද?
وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ النَّبِيِّينَ لَمَا آتَيْتُكُمْ مِنْ كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءَكُمْ رَسُولٌ مُصَدِّقٌ لِمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنْصُرُنَّهُ ۚ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَىٰ ذَٰلِكُمْ إِصْرِي ۖ قَالُوا أَقْرَرْنَا ۚ قَالَ فَاشْهَدُوا وَأَنَا مَعَكُمْ مِنَ الشَّاهِدِينَ
තවද අල්ලාහ් නබිවරුන්ගෙන් ප්‍රතිඥා ලබා ගත් අවස්ථාව සිහිපත් කරනු. (ඔවුන් අමතා) මා නුඹලාට දේව ග්‍රන්ථය හා ප්‍රඥාව ප්‍රදානය කර ඇත්තෙමි. ඉන් පසුව නුඹලා සමඟ ඇති දහම් කරුණු සත්‍යය කරවන ධර්ම දූතයෙකු පැමිණෙයි. නුඹලා ඔහු ව සැබෑ ලෙස විශ්වාස කළ යුතුය. නුඹලා ඔහුට සැබැවින්ම උදව් කළ යුතුය. මෙය නුඹලා පිළිගත්තෙහු ද, ඒ සම්බන්ධයෙන් වූ මාගේ බලවත් ප්‍රතිඥාව නුඹලා ගත්තෙහු ද? යනුවෙන් ඔහු (අල්ලාහ්) විමසුවේය. අපි "පිළිගත්තෙමු" යැයි ඔවුහු පැවසුවෝය. එසේ නම් නුඹලා එයට සාක්ෂි දරනු. තවද මම ද නුඹලා සමඟ සාක්ෂි දරන්නන් අතුරින් වෙමි යැයි පැවසුවේය.
فَمَنْ تَوَلَّىٰ بَعْدَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ
එබැවින් කවරෙකු ඉන් පසු ව පිටුපෑවේ ද එවිට පාපතරයෝ වන්නෝ ඔවුහු ම ය.
أَفَغَيْرَ دِينِ اللَّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ
අල්ලාහ්ගේ දහම හැර ඔවුන් සොයන වෙනත් යමක් තිබේ ද? අහස් හා මහපොළොව තුළ ඇති අය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ ඔහුටම යටහත් වෙති. ත‍ෙද ඔහු වෙතම ඔවුහු නැවත යොමු කරනු ලබන්නෝය.

Choose other languages: