Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #69 Translated in Sinhalese

يَا أَهْلَ الْكِتَابِ لِمَ تُحَاجُّونَ فِي إِبْرَاهِيمَ وَمَا أُنْزِلَتِ التَّوْرَاةُ وَالْإِنْجِيلُ إِلَّا مِنْ بَعْدِهِ ۚ أَفَلَا تَعْقِلُونَ
දහම් ලත් ජනයිනි! ඉබ්‍රාහීම් සම්බන්ධයෙන් නුඹලා වාද කරනුයේ මන් ද? ඔහුගෙන් පසු ව මිස තව්රාතය හා ඉන්ජීලය පහළ වූයේ නැත. (ඒ ගැන) නුඹලා වටහා ගන්නේ නැතිද?
هَا أَنْتُمْ هَٰؤُلَاءِ حَاجَجْتُمْ فِيمَا لَكُمْ بِهِ عِلْمٌ فَلِمَ تُحَاجُّونَ فِيمَا لَيْسَ لَكُمْ بِهِ عِلْمٌ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ
මෙන්න මේ නුඹලා! නුඹලාට කවර දෙයක් ගැන දැනුමක් ඇත්තේ ද එවැනි දෙයක් පිළිබඳ ව නුඹලා වාද කර ඇත. නමුත් කවර දෙයක් පිළිබඳ ව නුඹලාට දැනුමක් නොමැත්තේ ද එවැනි දෙයක් පිළිබඳ නුඹලා වාද කරනුයේ මන් ද? තවද අල්ලාහ් දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلَٰكِنْ كَانَ حَنِيفًا مُسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
ඉබ්‍රාහීම් යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු හෝ නොවීය. එනමුත් ඔහු අවංක මුස්ලිම්වරයෙකු විය. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් ද නොවීය.
إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَٰذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا ۗ وَاللَّهُ وَلِيُّ الْمُؤْمِنِينَ
නියත වශයෙන්ම මිනිසුන්ගෙන් ඉබ්‍රාහීම්ට වඩා සමීපතම අය වනුයේ, ඔහු ව ද, මෙම නබිවරයා ව ද, අනුගමනය කළවුන් හා විශ්වාස කළවුන් ය. තව ද අල්ලාහ් විශ්වාස කළවුන්ගේ භාරකරු ය.
وَدَّتْ طَائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ
නුඹලා ව නොමඟ යවන්නට ඇත් නම් යැයි දහම් ලත් ජනයා අතරින් පිරිසක් ප්‍රිය කරති. ඔවුන් ව ම මිස වෙනත් කිසිවෙකු ව ඔවුන් නොමඟ හැරියේ නැත. නමුත් ඔවුහු (එය) වටහා නොගන්නෝය.

Choose other languages: