Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #50 Translated in Sinhalese

وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا وَمِنَ الصَّالِحِينَ
තවද ඔහු තොටිල්ලෙහි පසු වන වියේ දී ද තුරුණු වියේ දී ද ජනයා සමඟ කතා කරනු ඇත. තවද ඔහු දැහැමියන් අතරින් කෙනෙකි.
قَالَتْ رَبِّ أَنَّىٰ يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ ۖ قَالَ كَذَٰلِكِ اللَّهُ يَخْلُقُ مَا يَشَاءُ ۚ إِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ
මාගේ පරමාධිපතියාණනි! කිසිදු මිනිසෙකු මා ස්පර්ශ නොකර තිබිය දී මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේදැයි ඇය විමසුවාය. එලෙසය, අල්ලාහ් තමන් අභිමත දෑ මවන්නේ. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ‘වනු‘ යැයි පවසනවා පමණ ය, එය වහාම සිදු වන්නේය.
وَيُعَلِّمُهُ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالْإِنْجِيلَ
තවද ඔහු ඔහුට දේව ග්‍රන්ථය ද ප්‍රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද උගන්වන්නේය.
وَرَسُولًا إِلَىٰ بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ ۖ أَنِّي أَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنْفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللَّهِ ۖ وَأُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ وَأُحْيِي الْمَوْتَىٰ بِإِذْنِ اللَّهِ ۖ وَأُنَبِّئُكُمْ بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
ඉස්රාඊල් දරුවන්ට ධර්ම දූතයෙකු ලෙසින් ද නියත වශයෙන් ම මම නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් සංඥාවක් ගෙන ආවෙමි. සැබැවින් ම මම නුඹලාට පක්ෂියෙකු හැඩය මෙන් (ජීවියෙකු) මැටියෙන් මවා එහි පිඹිමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් පක්ෂියෙකු වනු ඇත. තවද මම උපතින් අන්ධ අය ද ළාදුරු රෝගීන් ද සුව කරමි. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් මිය ගියවුනට ප්‍රාණය දෙමි. නුඹලා අනුභව කරන දෑ ගැන ද නුඹලාගේ නිවෙස් තුළ නුඹලා රැස් කර තබා ඇති දෑ ගැන ද මම නුඹලාට දන්වා සිටිමි. නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් සැබැවින් ම නුඹලාට මෙහි සාධකයක් ඇත.
وَمُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُمْ بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ ۚ وَجِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ
තවද මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද නුඹලා වෙත තහනම් කරනු ලැබූ ඇතැම් දෑ නුඹලාට මා අනුමත කරනු පිණිස ද වේ. තවද නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් මම නුඹලා වෙත ගෙන ආවෙමි. එබැවින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

Choose other languages: