Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #41 Translated in Sinhalese

فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنْبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا ۖ كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِنْدَهَا رِزْقًا ۖ قَالَ يَا مَرْيَمُ أَنَّىٰ لَكِ هَٰذَا ۖ قَالَتْ هُوَ مِنْ عِنْدِ اللَّهِ ۖ إِنَّ اللَّهَ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ
එවිට ඇයගේ පරමාධිපති යහපත් පිළිගැනීමකින් ඇය ව පිළිගත්තේය. තවද යහපත් වැඩීමකින් හදා වඩා ගන්නට සැලැස්සුවේය. ඇය ව zසකරිය්යාට භාර කළේය. නැමදුම් ස්ථානයේ ඇය වෙත zසකරිය්යා පිවිසෙන සෑම අවස්ථාවක ම ඇය අසල ආහාර දුටුවේය. අහෝ මර්යම්! ඔබට මෙය කෙසේ (ලැබුණේ) ද? යැයි ඔහු ඇසුවේය. මෙය අල්ලාහ් වෙතින් යැයි ඇය පැවසුවාය. නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත අයට ගණනයකින් තොර ව පෝෂණය ලබා දෙන්නේය.
هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ ۖ قَالَ رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ الدُّعَاءِ
එම අවස්ථාවේ දී Zසකරිය්යා තම පරමාධිපති ව අයැද සිටියේය. මාගේ පරමාධිපතියාණනි! ඔබ වෙතින් මට දැහැමි පරපුරක් පිරිනමනු මැනව! සැබැවින් ම ඔබ ප්‍රාර්ථනාවට සවන් දෙන්නා යැයි ඔහු පැවසුවේය.
فَنَادَتْهُ الْمَلَائِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًا بِكَلِمَةٍ مِنَ اللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِنَ الصَّالِحِينَ
එවිට ඔහු නැමදුම් ස්ථානයෙහි, සිට ගෙන සලාතය ඉටු කරමින් සිටිය දී, සැබැවින් ම අල්ලාහ් ගෙන් වූ වදන සත්‍යය කරවන්නෙකු, නායකයෙකු, (කාන්තාවන් ගෙන්) වැළකුණු අයෙකු සහ දැහැමියන් අතුරින් නබිවරයෙකු ලෙස වූ යහ්යා පිළිබඳ අල්ලාහ් නුඹට ශුභාරංචිය දන්වන්නේ යැයි සුරදූතයින් ඔහු අමතා පැවසුහ.
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ ۖ قَالَ كَذَٰلِكَ اللَّهُ يَفْعَلُ مَا يَشَاءُ
මාගේ පරමාධිපතියාණනි! මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ ද? මා වයෝවෘද්ධ භාවය මා වෙත ළඟා වී ඇත. එමෙන් ම මාගේ බිරිය වද කතකි යැයි ඔහු පැවසුවේය. එලෙස ය අල්ලාහ් තමන් අභිමත දෑ සිදු කරනුයේ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً ۖ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا ۗ وَاذْكُرْ رَبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالْإِبْكَارِ
මාගේ පරමාධිපතියාණනි! ඔබ මට සලකුණක් ඇති කරනු මැනව! යැයි ඔහු පැවසුවේය. ඔබේ සලකුණ වනුයේ ඔබ ජනයා සමඟ සංඥා කිරීමකින් හැර දින තුනක් කතා නොකිරීම ය. තවද ඔබ ඔබේ පරමාධිපති ව අධික ව මෙනෙහි කරනු. තව ද උදේ සවස පිවිතුරු කරනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.

Choose other languages: