Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #34 Translated in Sinhalese

يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ مِنْ خَيْرٍ مُحْضَرًا وَمَا عَمِلَتْ مِنْ سُوءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ
සෑම ආත්මයක් ම, තමන් කළ යහපත් දෑ ද තමන් කළ නපුරු දෑ ද (තමන්) ඉදිරියේ දකින දිනයේදී, එය අතර හා තමන් අතර ඉතා දිගු දුරසක් තිබුණේ නම් යැයි ප්‍රිය කරනු ඇත. තවද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේය. තවද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්ත ය.
قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
නුඹලා අල්ලාහ් ව ප්‍රිය කරමින් සිටියෙහු නම්, එවිට නුඹලා මා අනුගමනය කරනු. අල්ලාහ් නුඹලා ව ප්‍රිය කරනු ඇත. තවද නුඹලාගේ පාපයන්ට ඔහු සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී ය; අසමසම කරුණාන්විතය යැයි (නබිවරය!) නුඹ පවසනු.
قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ ۖ فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ لَا يُحِبُّ الْكَافِرِينَ
(තවද) නුඹලා අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වනු යැයි පවසනු. නමුත් ඔවුන් පිටුපෑවේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින් ව ප්‍රිය කරන්නේ නැත.
إِنَّ اللَّهَ اصْطَفَىٰ آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ
සැබැවින් ම අල්ලාහ් ආදම්, නූහ්, ඉබ්‍රාහීම්ගේ පවුල හා ඉම්රාන්ගේ පවුල ලෝවැසියනට වඩා ඉහළින් තෝරා ගත්තේය.
ذُرِّيَّةً بَعْضُهَا مِنْ بَعْضٍ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් පැවත එන පරපුරකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.

Choose other languages: