Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #198 Translated in Sinhalese

رَبَّنَا وَآتِنَا مَا وَعَدْتَنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ ۗ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ
“අපගේ පරමාධිපතියාණනි! තවද නුඹගේ ධර්ම දූතයින් වෙතින් අපට ප්‍රතිඥා දුන් දෑ අපට පිරිනමනු මැනව! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප ව දුකට පත් නොකරනු මැනව! සැබැවින් ම නුඹ ප්‍රතිඥාවන් කඩ නොකරන්නෙහිය.” (යැයි ප්‍රාර්ථනා කරති.)
فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِنْكُمْ مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ ۖ بَعْضُكُمْ مِنْ بَعْضٍ ۖ فَالَّذِينَ هَاجَرُوا وَأُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأُوذُوا فِي سَبِيلِي وَقَاتَلُوا وَقُتِلُوا لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ثَوَابًا مِنْ عِنْدِ اللَّهِ ۗ وَاللَّهُ عِنْدَهُ حُسْنُ الثَّوَابِ
එවිට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේය. සැබැවින් ම මම නුඹලා අතුරින් පිරිමියෙකුගෙන් හෝ වේවා ගැහැනියකගෙන් හෝ වේවා දැහැමි ක්‍රියා කරන්නාගේ ක්‍රියාව නිෂ්ඵල නොකරමි. නුඹලාගෙන් ඇතැමුන් ඇතැමුන්ගෙන් ය. එබැවින් දේශ තරණය කොට තම නිවෙස් වලින් බැහැර කරනු ලදු ව මාගේ මාර්ගයේ වේදනාව විඳ සටන් වැද ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ නපුරු පාපයන් ඔවුන්ගෙන් මම පහ කරමි. තවද පහළින් ගංගාවන් ගලා බස්නා උයන් හි ඔවුන් ව මම ඇතුළත් කරමි. (එය) අල්ලාහ් අබියසින් වූ තිළිණයක් ලෙසිනි. තවද අල්ලාහ් වනාහි ඔහු වෙත ය අලංකාර කුසල් ඇත්තේ.
لَا يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُوا فِي الْبِلَادِ
විවිධ දේශයන් හි ප්‍රතික්ෂේප කළවුන්ගේ (ආඩම්බර) සැරිසැරීම (නබිවරය!) නුඹ ව රවටා නොදැමිය යුතු ය.
مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ ۚ وَبِئْسَ الْمِهَادُ
(එය) ස්වල්ප භුක්ති විඳීමකි. පසු ව ඔවුන්ගේ නවාතැන නිරය ය. තවද (ඔවුන්) ලැගුම් ගන්නා ස්ථානය නපුරු විය.
لَٰكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا نُزُلًا مِنْ عِنْدِ اللَّهِ ۗ وَمَا عِنْدَ اللَّهِ خَيْرٌ لِلْأَبْرَارِ
නමුත් තමන්ගේ පරමාධිපතිට බිය බැතිමත් වූවන් වනාහි ඔවුනට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයින් වෙති. (එය) අල්ලාහ් අබියසින් වූ සංග්‍රහයක් වශයෙනි. අල්ලාහ් අබියස ඇති දෑ දැහැමියන්ට ඉතා ශ්‍රේෂ්ඨය.

Choose other languages: