Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #197 Translated in Sinhalese

رَبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا ۚ رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ
අපගේ පරමාධිපතියාණනි! “නුඹලාගේ පරමාධිපති ව නුඹලා විශ්වාස කරනු” යැයි, දේව විශ්වාසය වෙත කැඳවන කැඳවුම් කරුට සැබැවින් ම අපි සවන් දුනිමු. එවිට අපි විශ්වාස කළෙමු. එබැවින් අපගේ පාපයන් සමා කරනු මැනව! අපගේ නපුරුකම් අපගෙන් පහ කරනු මැනව! තවද අප ව දැහැමියන් සමඟ මරණයට පත් කරනු මැනව!
رَبَّنَا وَآتِنَا مَا وَعَدْتَنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ ۗ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ
“අපගේ පරමාධිපතියාණනි! තවද නුඹගේ ධර්ම දූතයින් වෙතින් අපට ප්‍රතිඥා දුන් දෑ අපට පිරිනමනු මැනව! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප ව දුකට පත් නොකරනු මැනව! සැබැවින් ම නුඹ ප්‍රතිඥාවන් කඩ නොකරන්නෙහිය.” (යැයි ප්‍රාර්ථනා කරති.)
فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِنْكُمْ مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ ۖ بَعْضُكُمْ مِنْ بَعْضٍ ۖ فَالَّذِينَ هَاجَرُوا وَأُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأُوذُوا فِي سَبِيلِي وَقَاتَلُوا وَقُتِلُوا لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ثَوَابًا مِنْ عِنْدِ اللَّهِ ۗ وَاللَّهُ عِنْدَهُ حُسْنُ الثَّوَابِ
එවිට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේය. සැබැවින් ම මම නුඹලා අතුරින් පිරිමියෙකුගෙන් හෝ වේවා ගැහැනියකගෙන් හෝ වේවා දැහැමි ක්‍රියා කරන්නාගේ ක්‍රියාව නිෂ්ඵල නොකරමි. නුඹලාගෙන් ඇතැමුන් ඇතැමුන්ගෙන් ය. එබැවින් දේශ තරණය කොට තම නිවෙස් වලින් බැහැර කරනු ලදු ව මාගේ මාර්ගයේ වේදනාව විඳ සටන් වැද ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ නපුරු පාපයන් ඔවුන්ගෙන් මම පහ කරමි. තවද පහළින් ගංගාවන් ගලා බස්නා උයන් හි ඔවුන් ව මම ඇතුළත් කරමි. (එය) අල්ලාහ් අබියසින් වූ තිළිණයක් ලෙසිනි. තවද අල්ලාහ් වනාහි ඔහු වෙත ය අලංකාර කුසල් ඇත්තේ.
لَا يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُوا فِي الْبِلَادِ
විවිධ දේශයන් හි ප්‍රතික්ෂේප කළවුන්ගේ (ආඩම්බර) සැරිසැරීම (නබිවරය!) නුඹ ව රවටා නොදැමිය යුතු ය.
مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ ۚ وَبِئْسَ الْمِهَادُ
(එය) ස්වල්ප භුක්ති විඳීමකි. පසු ව ඔවුන්ගේ නවාතැන නිරය ය. තවද (ඔවුන්) ලැගුම් ගන්නා ස්ථානය නපුරු විය.

Choose other languages: