Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #170 Translated in Sinhalese

وَمَا أَصَابَكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ فَبِإِذْنِ اللَّهِ وَلِيَعْلَمَ الْمُؤْمِنِينَ
තවද දෙපිරිස මුණ ගැසුණු දින නුඹලාට ඇති වූ (හිංසන වැනි) දෑ (සිිදුවූයේ) අල්ලාහ්ගේ අනුමැතියෙනි. තවද ඔහු (මෙසේ කළේ සත්‍ය) විශ්වාස කළවුන් ව හඳුන්වා දෙනු පිණිස ය.
وَلِيَعْلَمَ الَّذِينَ نَافَقُوا ۚ وَقِيلَ لَهُمْ تَعَالَوْا قَاتِلُوا فِي سَبِيلِ اللَّهِ أَوِ ادْفَعُوا ۖ قَالُوا لَوْ نَعْلَمُ قِتَالًا لَاتَّبَعْنَاكُمْ ۗ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلْإِيمَانِ ۚ يَقُولُونَ بِأَفْوَاهِهِمْ مَا لَيْسَ فِي قُلُوبِهِمْ ۗ وَاللَّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ
තවද කුහකයින් (කවුරුන් දැ යි) ඔහු හඳුන්වා දෙනු පිණිස ය. නුඹලා පැමිණ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු නැතිනම් මැඩපවත්වනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අප (මෙය) යුද්ධයක් ම යැයි දන්නේ නම් අපි ද නුඹලා ව පිළිපදින්නෙමු යැයි පැවසූහ. ඔවුන් විශ්වාස කිරීමට වඩා ප්‍රතික්ෂේප කිරීමට ඉතා සමීපයෙන් එදින සිටිනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නොමැති දෑ ඔවුන්ගේ මුඛ වලින් පවසති. තවද අල්ලාහ් ඔවුන් වසන් කරන දෑ පිළිබඳ ව මැනවින් දන්නා ය.
الَّذِينَ قَالُوا لِإِخْوَانِهِمْ وَقَعَدُوا لَوْ أَطَاعُونَا مَا قُتِلُوا ۗ قُلْ فَادْرَءُوا عَنْ أَنْفُسِكُمُ الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ
(යුද්ධයට නොගොස්) වාඩි වී සිටි ඔවුන්ගේ සහෝදරයින් හමුවෙහි මොවුහු "අපට අවනත වූයේ නම් ඝාතනය කරනු නොලබන්නට තිබුණි" යැයි පැවසූහ. එසේ (පවසන) නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් "මරණය නුඹලාගෙන් වළක්වා ගනු" යැයි (නබිවරය) නුඹ විමසනු.
وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا ۚ بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ
අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් මිය ගියවුන් යැයි නුඹ නොසිතනු. ඔවුහු පෝෂණය කරනු ලබමින් ඔවුන්ගේ පරමාධිපති අබියස ජීවත් ව සිටින්නෝය.
فَرِحِينَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් මිය ගියවුන් යැයි නුඹ නොසිතනු. ඔවුහු පෝෂණය කරනු ලබමින් ඔවුන්ගේ පරමාධිපති අබියස ජීවත් ව සිටින්නෝය.

Choose other languages: