Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #148 Translated in Sinhalese

وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ ۚ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ ۚ وَمَنْ يَنْقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَنْ يَضُرَّ اللَّهَ شَيْئًا ۗ وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ
තවද මුහම්මද් ධර්ම දූතයෙකු මිස වෙනත් කෙනෙකු නොවේ. ඔහුට පෙර ධර්ම දූතයින් ඉකුත් වී ගියහ. (ඔවුන් අතුරින්) කෙනෙක් මිය ගියේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ (පසුව) නුඹලා නුඹලාගේ විලුඹු මත (දහමින්) ආපසු හැරී යන්නෙහු ද? තවද කවරෙකු තම විලුඹු දෙක මත (දහමින්) ආපසු හැරී යන්නේ ද එවිට එය අල්ලාහ්ට කිසිවකින් හානියක් සිදු නොකරන්නේ ම ය. අල්ලාහ් කෘතවේදීන්ට ප්‍රතිඵල පිරිනමනු ඇත.
وَمَا كَانَ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلَّا بِإِذْنِ اللَّهِ كِتَابًا مُؤَجَّلًا ۗ وَمَنْ يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَنْ يُرِدْ ثَوَابَ الْآخِرَةِ نُؤْتِهِ مِنْهَا ۚ وَسَنَجْزِي الشَّاكِرِينَ
නියම කරනු ලැබූ නිර්ණිත කාලයක අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව මරණයට පත්වීම කිසිදු ආත්මයකට යුතු නොවී ය. තවද කවරෙකු මෙලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කවරෙකු මතුලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කෘතවේදී අයට අපි යහපත් ප්‍රතිඵල පිරිනමන්නෙමු.
وَكَأَيِّنْ مِنْ نَبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُوا لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللَّهِ وَمَا ضَعُفُوا وَمَا اسْتَكَانُوا ۗ وَاللَّهُ يُحِبُّ الصَّابِرِينَ
නබිවරුන්ගෙන් කොපමණ දෙනෙක්, ඔවුන් සමඟ එක්ව (සතුරන්ට එරෙහි ව) දැහැමියෝ බොහෝ දෙනෙක් සටන් කර තිබේ ද?. එනමුදු ඔවුනට අල්ලාහ්ගේ මාර්ගයේ සිදු වූ දුෂ්කරතා හේතුවෙන් ඔවුහු අධෛර්ය නොවූහ. තවද ඔවුහු දුර්වල ද නොවූහ. එමෙන්ම (සතුරන්ට) යටහත් ද නොවූහ. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් ව ප්‍රිය කරයි.
وَمَا كَانَ قَوْلَهُمْ إِلَّا أَنْ قَالُوا رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපයන්ටත් අප විෂයෙහි සිදු වන සීමාව ඉක්මවීම් වලටත් අපට සමාව දෙනු මැනව! තවද අපගේ පාද ස්ථාවර කරනු මැනව! ප්‍රතික්ෂේප කළ ජනයාට එරෙහි ව ද අපට උදව් කරනු මැනව! යනුවෙන් පැවසීම මිස ඔවුන්ගේ වෙනත් වදනක් නොවීය.
فَآتَاهُمُ اللَّهُ ثَوَابَ الدُّنْيَا وَحُسْنَ ثَوَابِ الْآخِرَةِ ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ
එවිට අල්ලාහ් මෙලොව ප්‍රතිඵල ද මතු ලොව යහපත් ප්‍රතිඵල ද ඔවුනට පිරිනැමීය. තවද අල්ලාහ් දැහැමියන් ව ප්‍රිය කරයි.

Choose other languages: