Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #95 Translated in Sinhalese

قَالُوا تَاللَّهِ لَقَدْ آثَرَكَ اللَّهُ عَلَيْنَا وَإِنْ كُنَّا لَخَاطِئِينَ
අල්ලාහ් මත දිවුරමු. අල්ලාහ් අපට වඩා ඔබ ව උසස් කර ඇත. තවද නියත වශයෙන්ම අපි වැරදි වීමු යැයි ඔවුහු පැවසුවෝය.
قَالَ لَا تَثْرِيبَ عَلَيْكُمُ الْيَوْمَ ۖ يَغْفِرُ اللَّهُ لَكُمْ ۖ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ
අද දින නුඹලා කෙරෙහි කිසිදු දොසක් නැත. අල්ලාහ් නුඹලාට සමාව දෙනු ඇත. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්තය යැයි ඔහු පැවසුවේය.
اذْهَبُوا بِقَمِيصِي هَٰذَا فَأَلْقُوهُ عَلَىٰ وَجْهِ أَبِي يَأْتِ بَصِيرًا وَأْتُونِي بِأَهْلِكُمْ أَجْمَعِينَ
නුඹලා මේ මාගේ කමිසය ගෙන ගොස් මාගේ පියාගේ මුහුණ මත දමනු. ඔහු පෙනුමැත්තෙකු ලෙස පැමිණෙනු ඇත. තවද නුඹලාගේ පවුලේ සියලු අය මා වෙත රැගෙන එනු.
وَلَمَّا فَصَلَتِ الْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَ ۖ لَوْلَا أَنْ تُفَنِّدُونِ
එම නඩය පිටත් ව ගිය කල්හි, නියත වශයෙන්ම මට යූසුෆ්ගේ සුවඳ දැනෙයි. නුඹලා මට (බුද්ධි හීන ලෙස කතා කරන්නේ යැයි පවසා) දොස් නොනැගිය යුතු යැයි ඔවුන්ගේ පියා පැවසුවේය.
قَالُوا تَاللَّهِ إِنَّكَ لَفِي ضَلَالِكَ الْقَدِيمِ
අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන්ම ඔබ (තවමත්) ඔබේ පැරණි මුළාවෙහිම පසුවන්නෙහි යැයි ඔවුහු පැවසුවෝය.

Choose other languages: