Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #89 Translated in Sinhalese

قَالُوا تَاللَّهِ تَفْتَأُ تَذْكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ الْهَالِكِينَ
අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. ඔබ රෝගාතුරු වන තෙක් හෝ විනාශ වී යන්නන් අතරින් වන තෙක් හෝ ඔබ යූසුෆ්ගේ මතකයෙන් ඉවත් නොවන්නේ මය යැයි ඔවුහු පැවසුවෝය.
قَالَ إِنَّمَا أَشْكُو بَثِّي وَحُزْنِي إِلَى اللَّهِ وَأَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ
මාගේ ශෝකය හා මාගේ දුක මම පැමිණිලි කර සිටිනුයේ අල්ලාහ් වෙතමය. තවද නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි ඔහු පැවසුවේය.
يَا بَنِيَّ اذْهَبُوا فَتَحَسَّسُوا مِنْ يُوسُفَ وَأَخِيهِ وَلَا تَيْأَسُوا مِنْ رَوْحِ اللَّهِ ۖ إِنَّهُ لَا يَيْأَسُ مِنْ رَوْحِ اللَّهِ إِلَّا الْقَوْمُ الْكَافِرُونَ
අහෝ මාගේ දරුවනි! නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා පිළිබඳ සොයා බලනු. තවද අල්ලාහ්ගේ දයාව පිළිබඳ ව නුඹලා බලාපොරොත්තු සුන් කර නොගනු. නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන ජනයා මිස වෙනත් කිසිවකු අල්ලාහ්ගේ දයාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර නොගනිති.
فَلَمَّا دَخَلُوا عَلَيْهِ قَالُوا يَا أَيُّهَا الْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا الضُّرُّ وَجِئْنَا بِبِضَاعَةٍ مُزْجَاةٍ فَأَوْفِ لَنَا الْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَا ۖ إِنَّ اللَّهَ يَجْزِي الْمُتَصَدِّقِينَ
එසේ ඔහු වෙත ඔවුන් ඇතුළු වූ කල්හි අහෝ උතුමාණනි! අප හා අපගේ පවුලට විපතක් සිදු වී ඇත. අපි අල්ප වටිනාකමින් යුත් භාණ්ඩ සමග පැමිණ ඇත්තෙමු. එබැවින් කිරුම් බර අපට පූර්ණ ව ලබා දී තවද අප හට (තවත් වැඩියෙන්) දන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් දන් දෙන්නන්හට කුසල් පිරිනමනු ඇත යැයි ඔවුහු පැවසුවෝය.
قَالَ هَلْ عَلِمْتُمْ مَا فَعَلْتُمْ بِيُوسُفَ وَأَخِيهِ إِذْ أَنْتُمْ جَاهِلُونَ
නුඹලා අඥානයින් ලෙස සිටි අවස්ථාවේ යූසුෆ් හා ඔහුගේ සහෝදරයාට නුඹලා කළ දෑ නුඹලා දන්නෙහු දැයි ඔහු විමසුවේය.

Choose other languages: