Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #85 Translated in Sinhalese

ارْجِعُوا إِلَىٰ أَبِيكُمْ فَقُولُوا يَا أَبَانَا إِنَّ ابْنَكَ سَرَقَ وَمَا شَهِدْنَا إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَافِظِينَ
නුඹලා නුඹලාගේ පියා වෙත ආපසු ගොස් අපගේ පියාණනි! නියත වශයෙන්ම ඔබේ පුතා සොරකම් කර ඇත. අප දන්නා දෑ පිළිබඳ ව මිස අපි සාක්ෂි නොදරන්නෙමු. තවද අපි (අපට) නොපෙනෙන දෑ ආරක්ෂා කරන්නන් ලෙස නොසිටියෙමු යැයි නුඹලා පවසනු.
وَاسْأَلِ الْقَرْيَةَ الَّتِي كُنَّا فِيهَا وَالْعِيرَ الَّتِي أَقْبَلْنَا فِيهَا ۖ وَإِنَّا لَصَادِقُونَ
අපි එහි සිටි ගම්මානයෙන් හා එහි අපි මුණගැසුණු නඩයෙන් නුඹ විමසා බලනු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය. (යැයි පවසන ලෙස කියා දී පිටත් කළේය.)
قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنْفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ عَسَى اللَّهُ أَنْ يَأْتِيَنِي بِهِمْ جَمِيعًا ۚ إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ
නමුත් (මීට පෙර) නුඹලාගේ ආත්මාවන් නුඹලාට කරුණක් පොළඹවීය. එහෙයින් අලංකාර ඉවසීමකි (වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ.) ඔවුන් සියල්ල මා වෙත ගෙන ඒමට අල්ලාහ්ට හැකිය. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානී; මහා ප්‍රඥාවන්තය යැයි ඔහු(පියා) පැවසීය.
وَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَا أَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَابْيَضَّتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ فَهُوَ كَظِيمٌ
තවද ඔහු ඔවුන්ගෙන් හැරී අහෝ යූසුෆ් කෙරෙහි තිබූ මාගේ ශෝකයේ තරම යැයි පැවසීය. තවද දුකෙන් ඔහුගේ දෑස් සුදුමැලි විය. ඔහු (දුක) යටපත් කර ගත්තෙකු විය.
قَالُوا تَاللَّهِ تَفْتَأُ تَذْكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ الْهَالِكِينَ
අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. ඔබ රෝගාතුරු වන තෙක් හෝ විනාශ වී යන්නන් අතරින් වන තෙක් හෝ ඔබ යූසුෆ්ගේ මතකයෙන් ඉවත් නොවන්නේ මය යැයි ඔවුහු පැවසුවෝය.

Choose other languages: