Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #31 Translated in Sinhalese

وَإِنْ كَانَ قَمِيصُهُ قُدَّ مِنْ دُبُرٍ فَكَذَبَتْ وَهُوَ مِنَ الصَّادِقِينَ
තවද ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබ තිබුණේ නම් එවිට ඇය බොරු පවසා ඇත. ඔහු සත්‍යවාදීන් අතරිනි (යැයි තවදුරටත් පැවසුවේය).
فَلَمَّا رَأَىٰ قَمِيصَهُ قُدَّ مِنْ دُبُرٍ قَالَ إِنَّهُ مِنْ كَيْدِكُنَّ ۖ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌ
ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබී තිබෙනු ඔහු දුටු කල්හි " (එවිට තම බිරිඳ ට) නියත වශයෙන්ම මෙය (කාන්තාවන් වන) නුඹලාගේ උපායකි. නියත වශයෙන්ම නුඹලාගේ උපාය අතිභයානකය" යැයි ඔහු පැවසුවේය.
يُوسُفُ أَعْرِضْ عَنْ هَٰذَا ۚ وَاسْتَغْفِرِي لِذَنْبِكِ ۖ إِنَّكِ كُنْتِ مِنَ الْخَاطِئِينَ
තවද යූසුෆ්, එය නොසලකා හරිනු. (අහෝ ස්ත්‍රිය,) ඔබ ඔබේ පාපයට සමාව අයැදිනු. නියත වශයෙන්ම ඔබ වැරදිකරුවන් අතරින් විය.
وَقَالَ نِسْوَةٌ فِي الْمَدِينَةِ امْرَأَتُ الْعَزِيزِ تُرَاوِدُ فَتَاهَا عَنْ نَفْسِهِ ۖ قَدْ شَغَفَهَا حُبًّا ۖ إِنَّا لَنَرَاهَا فِي ضَلَالٍ مُبِينٍ
පාලකයාගේ බිරිය ඇයගේ (වහල්) තරුණයා සමග (කාමයේ වරදවා හැසිරීමට) තැත් කොට ඇත. ආලයෙන් ඇය ව වෙළා ඇත. සැබැවින්ම අපි ඇය පැහැදිලි මුළාවෙහි සිටිනු දකිමු යැයි නගරයේ කාන්තාවෝ පවසා සිටියහ.
فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَأً وَآتَتْ كُلَّ وَاحِدَةٍ مِنْهُنَّ سِكِّينًا وَقَالَتِ اخْرُجْ عَلَيْهِنَّ ۖ فَلَمَّا رَأَيْنَهُ أَكْبَرْنَهُ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَاشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنْ هَٰذَا إِلَّا مَلَكٌ كَرِيمٌ
ඔවුන්ගේ රහස් කතාවට ඇය සවන් දුන් කල්හි ඔවුන් වෙත පණිවිඩයක් යවා ඔවුනට හාන්සි (ව සිට බුක්ති විඳින) සංග්‍රහයක් සූදානම් කළාය. ඔවුන් අතරින් සෑම කෙනෙකුටම පිහියක් බැගින් දුන්නාය. පසු ව ඔබ ඔවුන් ඉදිරියට පිට ව යනු යැයි (යූසුෆ්ට) ඇය පැවසුවාය. ඔවුහු ඔහු ව දුටු කල්හි ඔහු ගැන මහත් පුදුමයට පත් වූහ. තවද ඔවුන්ගේ අත් (නොදැනුවත්වම) කපා ගත්හ. අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා! මොහු මිනිසෙකු නොවේ. මොහු ගෞරවනීය සුර දූතයකු මිස වෙනකෙකු නැතැයි ඔවුහු පවසා සිටියහ.

Choose other languages: