Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #67 Translated in Sinhalese

هَٰذِهِ جَهَنَّمُ الَّتِي كُنْتُمْ تُوعَدُونَ
මෙය නුඹලා ප්‍රතිඥා දෙනු ලබමින් සිටි නිරයයි.
اصْلَوْهَا الْيَوْمَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
නුඹලා දේවත්වය ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් අද දින නුඹලා එහි පිවිසෙනු.
الْيَوْمَ نَخْتِمُ عَلَىٰ أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ
අද දින අපි ඔවුන්ගේ කටවල් වලට මුද්රා තබමු. තවද ඔවුන්ගේ අත් අප සමග කතා කරයි. තවද ඔවුන් උපයමින් සිටි දෑ ගැන ඔවුන්ගේ පාද සාක්ෂි දරයි.
وَلَوْ نَشَاءُ لَطَمَسْنَا عَلَىٰ أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَأَنَّىٰ يُبْصِرُونَ
තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ඇස් මත අන්ධභාවය ඇති කරන්නට තිබුණි. එවිට එම මාර්ගය වෙත ඔවුහු තරඟකාරී ලෙස යොමු වෙති. එවිට ඔවුන් කෙසේ නම් දකිනු ඇත් ද?
وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ
තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ස්ථානයෙහිම අපි ඔවුන්ගේ හැඩය වෙනස් කරන්නට තිබුණි. එවිට ඔවුහු ගමන් කිරීමට හැකියාව නොදරති. තවද ඔවුහු නැවත හැරී නොයති.

Choose other languages: