Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #37 Translated in Sinhalese

وَآيَةٌ لَهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ
තවද මළ භූමිය ඔවුනට සංඥාවකි. අපි එය ප්රාණවත් කළෙමු. පසු ව අපි එයින් ධාන්ය හට ගැන්වූයෙමු. එවිට ඔවුහු එයින් අනුභව කරති.
وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنَ الْعُيُونِ
තවද අපි එහි ඉඳි හා මිදි උයන් ඇති කළෙමු. තවද එහි උල්පත් පීරා ගලා යන්නට සැලැස්වූයෙමු.
لِيَأْكُلُوا مِنْ ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ
(එසේ කරනු ලැබුවේ) එහි බවභෝග වලින් ඔවුන් අනුභව කරනු පිණිසයි. තවද ඔවුන්ගේ අත් එය සිදු කළේ නැත. එහෙයින් ඔවුහු ගුණ ගරුක නොවන්නෝ ද?
سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنْبِتُ الْأَرْضُ وَمِنْ أَنْفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ
මහපොළොවේ හට ගන්වන දැයින් ද ඔවුන් තුලින් ද එමෙන්ම ඔවුන් නොදන්නා දැයින් ද ඒ සියලු යුගලයන් මැවූ ඔහු සුවිශුද්ධය.
وَآيَةٌ لَهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُمْ مُظْلِمُونَ
තවද රාත්‍රිය ද ඔවුනට සංඥාවකි. අපි එයින් දහවල වෙන් කරමු. එවිට ඔවුහු අඳුරෙහි සිටින්නෝ වෙති.

Choose other languages: